’’දරුවන්ගේ ආහාර, වෛද්‍ය උපකරණ, ගිලන් රථ ආදිය වැට් බද්දෙන් නිදහස් කරන්න’’
දරුවන්ගේ පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර සහ ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් වැට් බද්දෙන් ඉවත් කරන්නැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව එම කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.