(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී පාලමක ආරක්ෂිත ඇදි වැටක් කඩා ගෙන කැළණි ගගේ අතු ඇළකට පෙරලී අද (06) අනතුරක් සිදු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙම අනතුර නිසාවෙන් කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංගල්ල ඇඹුල්ගම මංසන්ධියේදී දෙපසකින් පැයකට වැඩි කාලයක් වසා දැමීමට සිදුවූ බවත් මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවත් හංවැල්ල පොලිසිය පවසයි.

අනතුරින් ටිපල් රථයේ ගමන් කළ රියදුරාට කිසිදු හානියක් සිදුව නැත.

අදාළ අනතුරට සිදුවූ ලොරි රථය තව මීටරයක් ඉදිරියට වැටුණේ නම් කලුටුවාව සිට කොළඹ බලා ජලය රැගෙන යන නළ ජලයට හානි සිදුවන බවත් පොලිසිය පවසයි.