
(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි .
මොහු සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් කැනඩාව බලා යාමට සැළසුම් කර තිබුණි .
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂා වට ලක් කර තිබේ .
එහිදී එම ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ .
මොහු තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබා දී එම ගමන් බලපත්‍රයට මොහුගේ ජායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ගත් බව මොහු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට දත්ත ඇතුලත් කරපු පාස්පෝට් වලින් යන්න ගිහිල්ලා අනාථ වෙන්න එපා. අද තාක්ෂනය ඉතා දියුණුයි. එකෙන්ම අහුවෙනවා. අසූව අග භාගයේ සහ අනූව දශකයේ නම් මෙම ක්‍රමය ඉතා බහුලව කෙරුනා. ඒදිනවල කටුනායකින් පැනගත්තම ගොඩක් ප්‍රශ්ණ ඉවරයි. කටුනායකදී අදාල ආගමන විගමන නිලධාරියා ඇහෙන් සංඥා කර ඔහු ළගට ගෙන්වාගෙන පිටත්වීමට අවසර දෙන සීල් එක ගසා යනකල් ඇහැ ගහගෙන ඉන්නවා. ඉස්සර එයාර්ලංකා ස්ටුවර්ය් වැඩේ කරපු මීගමු හාදයෙක් මේ වැඩේ ජයටම කලා.
කැනඩාවේ සංක්‍රමණික නීති දුර්වල වුනාට හොර පාරෙන් යන්න එපා, අනාත වෙන්න පුළුවන්. ලංකාවේ රජයේ NVQ සහතිකයක් ගන්න, ඉංග්‍රීසි IELTS පාස් වෙන්න ඕන තරම් රැකියා කැනඩාවේ තියෙනවා. පයිප්ප වැඩ උනත් එහේ දොස්තර කෙනෙක් ගානට හොයනවා, අනික ඒ මනුස්සයාට උනත් සර් කියලා කතා කරන්නේ. හරි විදියට යන්න අනාගතය සුභයි.