
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.
ඉකුත් අප්‍රේල් මස 28 වෙනිදින දින රාත්‍රී කාලයේදී සිදුවී තිබූ මෙම සොරකම් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය කරගන්නා ලද කරුණු මත අපරාධ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු සමග සැකකාර බාහිර පුද්ගලයන් කීප දෙනෙකුගේ ඇඟිලි සටහන්ද විමර්ශන කටයුතු සඳහා ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයාගේ ඇගිලි සටහන් සමග සංසන්දනය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය පොලිස් කාරයෙක් කීයක් හරි ගත්තාම මොකද වෙන්නේ . අර කෙහෙල් අලය වතුර විකුණලා ගහපු ගැහිල්ල කොහොමද?