
(ගයාන් සූරියආරච්චි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා වඩුමුනේගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පුද්ගලයෙකු සහ වයස අවුරුදු 33 පසුවන කාන්තාවකි .
එහිදී යතුරුපැදි දෙකක් ද විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ යතුරුපැදි දෙක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වරද පැහැදිලි නෑ... ඇතුන් දඩයම තහනම ඇත්ත. ඒත් රටපුරාම ඇත්දල තියෙන ගෙවල් පන්සල් තියෙනව. හීලෑ ඇතෙක් මලාට පසුව දල පුච්චල දාන්නද කියන්නේ.