ජ.වි.පෙ. විරෝධයකට ඉල්ලූ වාරණය ඉවතට
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ රජයේ සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹ විද්‍යාමාවත ’’ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’’ ඉදිරිපිට අද (13) දහවල් සංවිධානය කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්තවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.