’’බුවනෙකබා රාජ සභා මණ්ඩපය’’කැඩුවාට අධිචෝදනා බාර දෙයි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ. 07 December 2023
වෑදූ මවත් හදා ගන්න ගිය මවුවරුත් රිමාන්ඩ් නිවුන් දරුවන් දෙදෙනකු රුපියල් 25 දහසකට අලෙවි කළ බව කියන මවක සහ සිඟති දරුවන් මිලදී ගත් බව කියන කාන්තාවන් දෙදෙනා අද දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් දිනූශී පෙරේරා මහත්මිය ඊයේ (7) නියෝග කළාය. 07 December 2023
මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. 07 December 2023
අනවසර පදික වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක් මාර්ග නීති කඩමින් රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 December 2023
‘වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 07 December 2023
අධිකරණ ගබඩාවෙන් පන්නන්න ගිය තවත් ගිනි අවියක් හමුවෙයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පිටතට විකිනීම සදහා රැගෙන යාමට සූදානම් කර තිබු තවත් රිවෝල්වරයක් එම කාමරයේ වෙනත් ස්ථානයක ගෝනියක සගවා තිබියදී අද (07) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 07 December 2023
සාපෙළින් කප් ගැසූ සමාධීට බග්ලේගෙන් ඇගයිම් සහතිකයක් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය, ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ විශේෂ ඇගයීමට කළේය. 07 December 2023
සිසුන් දෙදෙනා මා ඔයට බිලි මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි මීගමුව කොචි කඩේ පොලිසිය පවසයි. 07 December 2023
ගම්පහ දරු උපත් අඩුවෙලා ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 07 December 2023
අහිංසකයන්ගේ මුදල්වලට විද්ද අක්කා නගෝ මාට්ටු ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම් වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන අක්කා නගෝ සහ මවගේ අනියම් සැමියා ලබන 19වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (07)නියෝග කළේය . 07 December 2023
වික්ටෝරියා උතුරයි මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි.. 07 December 2023
ශ්‍රී ලංකා - රුසියා ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී පැවැත්විණි. 07 December 2023
කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි ’’ කළම්බු කාගෝ ’’ නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2023
මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක් මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් පැවසූහ. 07 December 2023
ඇමරිකාව ලංකාවට වඩා හිඟන රටක් ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 December 2023
කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ලෙඩ වෙලා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 07 December 2023
යුක්රේනයට - ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනෙට් සභාවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයෝ ප්‍රතික්ෂේප කරනු ලැබූහ. 07 December 2023
යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න යුක්රේන ප්රශ්නය ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ක්ෂණිකව ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක් වූ ලෙසින් පලස්තීන ප්රශ්නයේදීත් විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 December 2023
විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක් දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහා නිදිවරාගෙන වැඩ කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
ලක්ෂ 50ක භාණ්ඩ සොරාගත් නිවසේ මුරකරු මාට්ටු කෝටිපති ව්යාපාරීකයකුට අයත් ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න වටිනා දෑ සොරා ගත් වතු මුරකරුවකු අත්අඩංංගුවට ගත් බව පොලීසිය කියයි. 07 December 2023
රත්තරන් මිල තවත් ඉහළ යයි දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 07 December 2023
’’සිලෝන් ටී’’ බබලවන්න පර්යේෂණ පත්‍රිකා 34ක් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද එළිදැක්විණි. 07 December 2023
ගඟට වැටුණ සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි ග්‍රෑන්ඩ්පාස් වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දින 7 කට පසු හමු වූ බව දෙහිවල පොලිසිය කියයි 07 December 2023
පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 December 2023
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් අල්ලයි විදේශ රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන හඳපාන්ගොඩ හදයා නැමැති පුද්ගලයාගේ ප්‍රධන ගෝලයා බව කියන සැකකරුවකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 07 December 2023
මැතිසබේ කමිටු ඇස්බැන්දුමක් පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටු ඇස්බැන්දුමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසිය. 07 December 2023
වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති වරාය වෘත්තීය සමිති එකමුතුව ’බයිලා එපා වැටුප් වැඩි කරනු’ යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 07 December 2023
සීනි බදු වංචා පරීක්ෂණය නැවතී නෑ සීනි බදු වංචාව ගැන පරීක්ෂණ නැවතී නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
සජිත් සාටකයක් පැළඳ ඇවිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගිවීම පාර්ලිමේන්තුවේ අද (7) සිදුවූ විශේෂ සිද්ධියක් විය. 07 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026