
(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළියේ ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත.
වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම වගාව නිරීක්ෂණය කළේය.
ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ට්‍රෝබරි කිලෝ 1 ක් රුපියල් 7000 ක වඩා වැඩියි ඉතින් ස්ට්‍රොබරි වලට වඩා නෙල්ලි හොඳ මොකද ගොඩක් විටමින් ස්ට්‍රෝබරි වලට වඩා අඩංගු වෙනවා
වියළි කලාපයේ වැවෙන බෝගයක් හරිතාගාර තුළ සුලු පරිමාණයෙන් වවලා විදේශ විණිමය උපයනකොට හොදට හිටියි. දේශපාලුවන්ට මැජික්…! නිලධාරීන්ට කොමිස්…!!
ඇයි ඔක්කොම ආනයනය කරන්නේ. දේශීය වර්ග දෙමුහුන් කරන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අයට බැරි මොකද? ඕව වෙනත් රටවල වෙන්නේ ඒ විදියට නේද? පඩියට අත්සන් කරල ගෙදර යන නිලධාරීන් රටකට ශාපයක් කියල තේරෙනව නොවේද. ජාන විද්‍යාව පටක රෝපණ ක්‍රම කෘෂිකර්ම පීඨවල තියනව නේද? තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඕව භාර දෙන්න. විප්ලවය ඒකයි. ප්‍රතිඵලය නියතයි.
අස්වැන්න නෙලීමෙන් පසු එය හෙළි කිරීම වඩා හොඳය.
තඩි බද ගෙඩිවලින් පෙන්වා .බැහැලාම වැඩ කරනවා කියලා