
(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළියේ ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත.
වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම වගාව නිරීක්ෂණය කළේය.
ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තු ස්ටෝබෙරි නුවරඑළියේ සාරෙට වැවේ
Srinath Monday, 08 July 2024 10:24 PM
ස්ට්‍රෝබරි කිලෝ 1 ක් රුපියල් 7000 ක වඩා වැඩියි ඉතින් ස්ට්‍රොබරි වලට වඩා නෙල්ලි හොඳ මොකද ගොඩක් විටමින් ස්ට්‍රෝබරි වලට වඩා අඩංගු වෙනවා
පැරකුම් Tuesday, 09 July 2024 02:06 AM
වියළි කලාපයේ වැවෙන බෝගයක් හරිතාගාර තුළ සුලු පරිමාණයෙන් වවලා විදේශ විණිමය උපයනකොට හොදට හිටියි. දේශපාලුවන්ට මැජික්…! නිලධාරීන්ට කොමිස්…!!
Lalla Tuesday, 09 July 2024 07:44 AM
ඇයි ඔක්කොම ආනයනය කරන්නේ. දේශීය වර්ග දෙමුහුන් කරන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අයට බැරි මොකද? ඕව වෙනත් රටවල වෙන්නේ ඒ විදියට නේද? පඩියට අත්සන් කරල ගෙදර යන නිලධාරීන් රටකට ශාපයක් කියල තේරෙනව නොවේද. ජාන විද්‍යාව පටක රෝපණ ක්‍රම කෘෂිකර්ම පීඨවල තියනව නේද? තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඕව භාර දෙන්න. විප්ලවය ඒකයි. ප්‍රතිඵලය නියතයි.
Mangala Tuesday, 09 July 2024 08:13 AM
අස්වැන්න නෙලීමෙන් පසු එය හෙළි කිරීම වඩා හොඳය.
Jayasekara Tuesday, 09 July 2024 10:12 AM
තඩි බද ගෙඩිවලින් පෙන්වා .බැහැලාම වැඩ කරනවා කියලා