IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඒ 9 මාර්ගය වසා උද්ඝෝෂණයක්

(   සිතුම් චතුරංග)

යාපනය චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවටගැනීමට හෝ එම රෝහලෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිරකරමින් අද (08) විරෝධතාවක නිරත වූහ.

යාපනය සෞඛ්‍ය බලධාරීන් වැඩබලන වෛද්‍ය අධිකාරි රාමනාදන් අර්ජුන මහතා ස්ථාන මාරුකොට ඇති බවට ඊයේ (07) රාත්‍රියේ ලිපියක් මගින් දැනුම් දී ඇති එම ලිපිය බාර නොගැනීමත් සමඟ චාවකච්චේරි පොලිසිය සමඟ පැමිණ වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් හා රෝහල් කාර්ය මණ්ඩලය විරෝධය දක්වනු ලැබීය.

චාවකච්චේරි රෝහලේ දෛණික වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත් , වෛද්‍ය අධිකාරිවරයාට බලපෑම් කිරීම හා යාපනය සෞඛ්‍ය බලධාරීන්ට ඇතුළු පොලිසියේ ක්‍රියාකලාපයන්ට විරෝධය පලකරමින් ඊයේ උදෑසන චාවකච්චේරි නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් කඩසාප්පු වසාදමා හර්තාල් ව්‍යාපාරයක නිරත වූ අතර ප්‍රදේශවාසීහු චාවකච්චේරි මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුහ.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ දැඩි රථාවාහන තදබදයක් ඇතිව තිබු අතර චාවකච්චේරි රෝහල වසා දැමීමටද පියවරගෙන තිබුණි.

 



අදහස් (1)

ඒ 9 මාර්ගය වසා උද්ඝෝෂණයක්

යෝගා Monday, 08 July 2024 03:31 PM

හැම මගුලකටම පාරවල් අවහිර කරනවා. මේක නවත්තන්න බැරිද?

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site