
(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
ඩුබායිවල සිටින සිය මිතුරන් තමන්ගේ ටැටු ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා සිය ගිණුමට ලක්ෂ 10ක් බැර කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.
එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.
එලෙස ගිණුම්ගත වූ මුදල් ලැබුණේ පාතාල නායකුගෙන් යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද කියයි.
එසේම මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කල පුද්ගලයා ඇතුලු වෙඩික්කරුවන්ට පලා යාමට වාහන ලබා දුන් බවට සැකපිට සිව් දෙනෙකුගෙන් සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ රියදුරු සහ ආරක්ෂක නිළදාරියාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
මෙතෙක් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය .
අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘ හිමිකරු ඇතුළු 6කගෙන් ප්‍රකාශ
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසිය කියයි.
ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙනකු පොලීසියට කැඳවා මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊයේ (8) එම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.
මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වුණ කංජ් පානී ඉම්රාන් විසින් සිදු කළ බවට සැකයක් මේ වන විට පවතින බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ජි පානි ?ඉතින් එයාට කිසි කරදරයක් නැතුව මෙහෙන් එක්කන් ගියේ කවුද ?මේ කතාවත් චන්දෙට දාන තවත් එක සුරංගනා කතාවක් විතරයි .ඇත්තටම ලංකාව කියන්නේ ගූ වලක් .අපි ඒකේ පනුවෝ
එයාව නිදහස් කලේ ආණ්ඩුව. ඔහුගේ සඟයා මදුෂ් මරා දැම්මා .ඔහොම යමු
ධනය හා බලය වෙනුවෙන් භීෂණය හා ගාතනය තම වැඩපිළිවෙළ කරගත් දුෂ්ට හා නිහින පාලක කල්ලිය, තම පැවැත්ම උදෙසා රට තුල තැන තැන සිදුවන අපරාධ හා ගාතන දෙස නොඇසු කනින් නොබැලු දෙනෙතින් පසුවෙන්නේ එය තම දූෂ්ඨ අරමුණු හා සමපාත වන නිසා විය යුතුයි.
බලාගෙන යනකොට වසන්තයියා ලොන්ඩරියක්නෙ. හෝදලා මැදලා දෙන්න පාතාලයොන්ගෙන් සල්ලි අරන් ලෝකෙ වටේටම ව්‍යාපාර පටන් අරන් ලෙන්ඩරිය වසා ඇත කියලා බෝඩ් එකක් දාලා ඒ සල්ලි වලින් ආතල් ගත්තා. වසන්තයියා මිලානෝ මොන්සා පැත්තේ ඉන්න අලියෙක්වත් බලලා යක්න ආවා ටික කලකට පෙර මයෙ හිතේ…..
කංජපානී කියන පාතාලයා පොලීසියෙන් ඇල්ලුවා. උසාවියෙන් එළියට දැම්මා . නීතිය යාවාත්කාලීන නොකර පාතාලය මඩින්න අමාරුයි . මේ මැරුණු හාදයත් පාතාලයෙක් වෙන්න ඕන. පච්චා කොටන තැනක් පටන් ගන්න හදපුු කෙනාගෙ වපසරිය කොහොම ඇද්ද ?
සියල්ල මනඃකල්පිතයි, ක්‍රීඩාව සංවිධානය කරන්නේ විශාල දේශපාලකයින් විසින් බව පැහැදිලිය, ජනතාව ගොනාට අන්දන්න එපා
අධිකරණය ඔහු ඇප මත මුදා හැරියේය. අධිකරණය ඔහුව නිදහස් කළේ ඇයි කියන ප්‍රශ්නය. කිසිවෙකු එය ප්‍රශ්න නොකරයි. දැන් එයා ඉන්නේ ප්‍රංශයේ. හැමතැනම විහිළුකාරයෝ..
කෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කෝ ඇමෙරිකානු තානාපති කාර්යාලය කෝ හියුමන් රයිට්ස් වොච්, ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් අපට පාඩම් කියල දෙන්නකෝ
ක්ලබ් වසන්ත මිලාන් ආව වෙලාවේ වටේ හිටපු සෙට් එක දැක්කම ලොකු තේරුමක් දැනෙනවා මේ සිදුවීම් ගැන. ඒ අස්සේ ක්‍රිස්ටියයි ලියායි වළිගේ වන වනා පස්සෙන්ම හිටියේ.
මටත් ඕකෙ කොණක් නැද්දෝ.. මාත් ලංකාවේ ලොක්කො බක්කො අල්ලෙ නටවපු හොඳ කඳක් හරිද?
මෙතන පාතාලෙ පැත්තටත් සපෝට් එකට , පැහැදිලිවම සත්‍ය ප්‍රකාශ වලට ඩිස් ලයික් දානවා කියන්නෙ මේ අසූචි වළක්ම තමයි.
මම යූ ටියුබයක දැක්ක මේ වසන්ත කියන හාදය නුවර ඉඳල එනකොට මාර්ග නීති කඩල පොලීසිය දාපු නඩු, එවකට නීතිපති දෙපාර්තමේන්තුවෙ ගම්ලත් කියන මහත්මයාගෙ නියෝගයකින් ඉල්ලා අස්කරගෙන තියෙනව,එතනින් තමයි මෙයා රටේ නීතිය තමන්ට නවන්න හැකි බව දැනගත්තෙ. පසුුව ගොඩනැගිලි බලෙන් ලියවා ගැනීම වගේ ඒව කරල තියෙනව.අපි වගේ අය ඉස්සර සිංහ පාට් දාන සමහර පොලිස් කාරයො මුන් දැක්කම වල්ගෙ දෙපරැන්නේ.
නිකන් වැදගත් අහිංසක සාධාරණ කෙනෙක්ට ඔහොම ඇවිල්ලා වෙඩි තියලා මරන්නේ නැ කිසිම පාතාලයෙක්