
(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
පොහොට්ටුව බොහොම සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා වන විට ගන්නවා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බව කීය.
රටේ ජනාධිපති වෙන්නේ පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද?රනිල් වික්‍රමසිංහ ද කියා ගන්නා තීරණය ජනතාව බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි යැයිද පියල් නිශාන්ත මහතා පැවසීය.
COMMENTS
සිංහ නාදේ හෙමීට බලු කෙඳිරියක් වීගෙන එනවා
අපේ ඩිස්කවුන්ට් ජනාධිපතිට ජයවේවා...!
එහෙම කෙනෙක්වත් ණයට ගන්නවා හැරෙන්ට දැන් ඔය පොහොට්ටුවට වෙන කරන්ට දෙයකුත් නැහැනේ.
ඔය මොන පොදු අපේක්ෂකයා ඉදිරිපත්කලත් මෙදා නම් රනිල් ට විශ්‍රාම ගන්න වෙනවා. ඇත්තටම ජනතාව රැවටුවා හොදටම ඇති. ජනතාව ජීවන බරින් බදුබරින් හොදටම හෙම්බත්වෙලා.
අවුරුද්දක් ජනාධිපති වෙලා ඉන්නවා , ඒ අවුරුද්දෙ අගමැති නාමල් . දෙවෙනි අවුරුද්දෙ ජනාධිපති ඉල්ලා අස් වෙනවා . කොහොමද ඒ deel එක .
නයා මැරිච්ච අහිකුන්ටක රැළට ඔය දේ වෙන බව අපි නම් දන්නේ හුඟක් කලින් ඉඳලා .
අදහස් හොඳයි ඒත් එතකොට පුත් කුමරුවන්ට වෙන්නේ ඉස්සරහට හරක් බලන්නනේ
ඕනෑ කෙනෙක්ට පුළුවන් තමුන් කැමති කෙනෙක්ට උදවු කරන්න. අන්තිමට අපි ඡන්දය දෙන්නේ අපි කැමති කෙනෙක්ට. පොහොට්ටුවේ මන්ත්‍රිලා උදවු කරා කියලා අපි ඡන්දෙ දෙන්න ඕන නෑ.
ශරීරයේ කිසිදු වස්ත්‍රයක් නොමැතිව පුවත්පත් සාකච්ඡා පැවැත්වීමට පොහොට්ටුව වහාම ප්‍රතිපත්ති තීන්දුවක් ගතයුතු බවට හිටපු ජනපති පර්සි මහේන්ද්‍ර ජරා පක්ෂ කළ ප්‍රකාශය ගැන පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු පෙනේ.
රනිල් රාජපක්ෂලාගේ ගැන්සියම බලෙන් අල්ලන් හිරකරගත්තා වගේ?
මුන් සේරම යාලුවෝ මල්ලි
උඹලගේ නඩේ විතරද මේ ලංකාවේ ඉන්නෙ. මුන්ට රනිල් දිනවන්න යන්නේ රොත්ත පිටින් හිරේ යන එක නතර කරලා මුන්ට සැප ගන්න නැතිව රට දියුණු කරන්න ජනතාවට ආදරේට නෙමේ. බලන් ඉදපල්ල හොරා කාපුවා රාජ සන්තකවෙන හැටි .රනිල්ට වෙන්නෙත් මෛත්‍රීට වුන දේමයි. කොහා ගේ කූඩුවෙ කාක්කා බිත්තර දාන්න යන්නෙ කොටලා. ලුනු මිරිස් කරයි. පොහොට්ටුවේ ඉන්නෙ නමගිය ලෝක හොරු එකෙක් ඉන්නවාද හොදයි කියන්න සේරම රට කාපු නූගත් කාලකන්නි.
මොනවා කරත් කමක් නැ රට බෙදන්න රනිල්ට උදව් කරන්නේ නැතුව... ඔය මනුස්සයාගේ අතීතය එච්චර හොඳ නැ
නපුරු පොරවල්
පොහොට්ටුව කියන්නෙ මේ රට කාපු පක්ශයක්. රට මෙහෙම බංකොලොත් කරන්න බැසිල් ප්‍රමුක මේ නඩය සෑහෙන්න වැඩ කොටසක් කරා. අපි හොදටම දන්න දෙයක් තමයි පොහොට්ටුවෙ ඇමති මන්ත්‍රීවරුනට රට ගැන කැක්කුමක් නෑ. තියෙන්නෙ හොරා කෑමේ අදහසක් විතරයි. ඉතින් මේ හොරු සෙට් එක බැංකු හොරාට සපෝට් කරන්නෙ ඔවුන්න්ගෙ බේරීමට මිසක් රට ගැන හිතල නෙමෙයි. මේ මොවුන්ගේ අවසන් චන්දය විය හැකියි.
අනිවාර්යයෙන්ම ඒක සුභ තීරණයක් වනු ඇත. හොරු රැළම එකට තියලා පරද්දවන්න අපිටත් අවස්ථාව උදා වෙනවා ඇත.
ලංකාවට මාළු කොච්චර ආනයනය කරනවද කියලා දන්නෙ නැති ධීවර ඇමැති.
කවුද මේ මිනිහා ? දැන් මේ වගේ නූගත් උන් කියන ඒවා අපි අහන්න ඕනද? අනිත් එක මේ කොහෙවත් නැති උන් කියන එක මොකද?
හොරුටික එකපැත්තකට ඇවිත් ඡන්දෙ ඉල්ලනඑක හොදයි. එතකොට මෙ කණඩායම බලය ඉල්ලන්නේ හොරුන් රැකගෙන තවදුටත් හොරකමේ යෙදීමටයි.