
(රෝෂන් තුෂාර)
රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් ලබන 23 දින දක්වා බන්ධනාගාරගත කිරීමට අද (09) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන පසුගිය හයවෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
අත්අඩංගුවට ගත් අල්ලස් මුදල අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
කන්ජිපානිට ඇප දුන්නට මේ වගේ මහා අපරාධකාරයන්ට ඇප දෙන්නේ කොහොමද