IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බංගලා කුලිය පඩියෙන් කපාගන්න කියයි



(සුජිත් හේවාජුලිගේ )

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය  තම මන්ත්‍රී වැටුපෙන් කපා  ගැනීමට  කැමැත්ත පළ කරමින්   හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට  ලිපියක්  එවා ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අරගලය අවස්ථාවේදී  ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට  තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා  රජය විසින් මහනුවර මලබාර් වීදියේ  මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබීය.

ඔහුට එහෙම නිවස ලබාදී තිබුණේ  මාසික මන්ත්‍රී වැටුපෙන් සියයට දහයක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතය

රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද  ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබිණ.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල අය කර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී  මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල  මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවයි.

කෙසේ වෙතත් මුදල්  අය කර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය ඒ අවස්ථාවේදී දැනුම් දුන්නාය.



අදහස් (10)

බංගලා කුලිය පඩියෙන් කපාගන්න කියයි

Janay Monday, 08 July 2024 02:48 PM

රටේ මිනිස්සුන්ව සමූල ඝාතනය කරන්න ආපු කෙනෙක්ට.., මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි ගෙවන්නේ ඇයි...? හරියට LTTE එකට රටේ මිනිස්සු සල්ලි එකතු කරලා ආයුධ අරන් දෙනවා වගේනේ...

:       3       70

Piyasiri Gampaha Monday, 08 July 2024 03:10 PM

රිමාන්ඩ් භාරයේ සිටින කාලය තුළ පවා ඔහුගේ වැටුප ලබා ගැනීමට ඔහුට අයිතියක් තිබේද ??

:       1       66

සෙනෙවිරත්න Monday, 08 July 2024 03:16 PM

මෙයාලට තමයි එහෙම නීති නැත්තෙ .සාමාන්‍ය කෙනෙකුගෙන් ඔහොම කැමැත්ත අහවිද? පඩියත් නතර කරලා

:       3       54

ලේකම්වරිය Monday, 08 July 2024 03:26 PM

පඩි කාගෙන්ද කපා ගන්නෙ?

:       0       36

Prabha Monday, 08 July 2024 03:31 PM

ආදායමකුත් නෑ තිබුන පොඩි පොඩි බැංකු ටිකත් වහලා දැම්මා.අපිවත් කීයක්වත් එකතු කරලා දෙමුද

:       1       36

Swene Haputhantirige Monday, 08 July 2024 06:04 PM

ඇමති පඩිය තිබුනත් එකෙන් 10%ක් කියන්නේ රුපියල් දහ දාහට අඩුයි. ඔයතරම් රජ මාලිගාවක් එවැනි ගණනකට දෙන්නේ කව්ද?

:       0       0

m. saman perera Monday, 08 July 2024 06:34 PM

හොරුන්ටත් පඩි ගෙවන රටක් මේක

:       0       0

කරුණාරත්න Monday, 08 July 2024 06:51 PM

රෝහල් ගත කරන හැම කෙනාම ගෙදර එන්නෙ එකට තමයි රෝහල් ලඟ සීනි පෙට්ටි කඩ තියනවා කිව්ව දැන් රෝහලෙ ඉන්න කෙනා කොහොම ගෙදර එයිද දන්නැ අප රාදෙ ජනතාවගෙ බදු මුදල් වලින් පඩි ගෙවල.රෝහල් ගතකර ගෙන ඉන්නෙ

:       0       0

පැරකුම් Tuesday, 09 July 2024 12:01 AM

අනේ මෙහෙම ලංකාවක්…! දෙශපාලුවන්ට සුර සැප…!! අපට අපා දුක…!!!

:       0       8

C.H.Munasingahe Wednesday, 10 July 2024 01:16 PM

මේ කාලකන්නි මජර දූෂිත පාලක දේශපාලුවන් සහ ලොව අංක එකේ දූෂිත මජර ජඩපතියයි වටේ කටුකන එවුනුයි විදින සැප සම්පත් රටේ සාමාන්‍ය මහජනතාවටත් තියෙනවා වගෙයි මේ මජර කාලකන්නි දේශපාලුවන් සියලුම කටයුතු කරන්නෙ. මුන් සියල්ලම ඉන්න ඕන සිපිරිගෙයි කියල මුන්ට අමතකයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site