
(සුජිත් හේවාජුලිගේ)
ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ මිනින්දේරු සේවා ඒ අංශ දාහතරට ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.
එම අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය.
බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය.
ඉහත ක්ෂේත්‍ර 14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
ඒ බදු බරත් ලමයින්ට , බෙහෙත් ගන්න යන ලෙඩාට පැටවෙනව. එච්චරයි .
සමහර පවුල් සිටිනවා සියලුම දෙනා ආදයමක් උපයනවා මහන්සි වෙනවා තවත් සමහර පවුල් වල එක් කෙනක් විතරයි ආදායමක් උපයන්නේ ඒ වගේ කෙනෙක්ට කොහොමද මේ බදු අය කරන්නේ ඔහු ලක්ෂ දෙකක් හෝ ඉට වැඩි පඩියක් ගන්නවා කියලා හිතමු ඔහු ඒ පඩියන් හෝ අදායමෙන් සිය පවුලම නඩත්තු කල යුතුයි නම් ඔහුත් බදු ගෙවිය යුතුද,,දන්න කෙනක් කියන්න දන්න කෙනක්.
මේවා රජයේ නියාමනයකට යටත් කරන එකයි පළමුව කළ යුත්තේ. රෙදි උඩදාගෙන බදු ගහනව කිව්වට අන්තිමට ඔය බද්ද ගෙවන්න වෙන්නෙනෙත් සාමාන්‍ය ජනතාවට . මොකද එයාලා බදු මුදල පාරිභෝගිකයත් ගෙන් අය කරන නිසා
ඔය ලැයිස්තුවට මැති ඇමැතිලාවත් දාගන්න
නීතිඥවරුන්ට බදු දීලාද අහුවෙන්නේ නෑ. නීති හදන අය තමන් නැතිව අනිත් අයගෙන් තමයි ගන්ඩ බලන්නේ
පෞද්ගලික පංති කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් වලට බදු ගැනීම කාලය කා දැමීමට අකමැති ජනතාවට කරන බලවත් අසාධාරණයක් වෙනවා .උදාහරණයක් හැටියට මම මගේ දරුවාගේ දත් සම්බන්ධ කටයුතු සදහා මහ රෝහලට ගියේ දරුවා හත වසරේ ඉගෙනුම ලබද්දී තමයි .එහිදී කිව්වා අපි දැන්වීමක් කලාම එන්න කියලා ඔහොම යද්දී දරුවා උසස් පෙළ ලියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී තමයි කැදවීමක් ලැබුනේ. වෙලාවක් නැහැ කියූ දොස්තර උතුමාණෝ දිනපතා පෞද්ගලික ස්ථාන කීපයක මාරුවෙන් මාරුවට කටයුතු කලා මේ අදහස ඉතාමත් නිවැරදියි පෞද්ගලික පංති වෙනුවට රජයේ ගුරුවරු මෙහෙයවන පංති වෙනුවෙන් ආයතන සංග්‍රහයේ තියෙන තමන්ගෙ නියමිත රාජකාරි වලින් පසුව කරන ඉපැයීම් වෙනුවෙන් නියමිත ගාස්තු අයකිරීම කරන්න. ඒකට විරුද්ධව යන්න කිසිම රජයේ නිළධාරින්ට හැකියාව නැහැ .මොකද එම කොන්දේසි වලට කැමැත්ත පලකොට සේවයේ යෙදීමට පොරොන්දු වෙලා සිටින නිසා
මෙගා ටියුෂන් පංතිවල සිසුන් දහසේ සිට තුන්දහසක් පමණ ඉන්නවා. කණ්ඩායම් පංතී සහ කුඩා පන්ති වල පැයකට තුන්දහසකට දහස් දක්වා අයකරනවා එක සිසුවෙකුට. දේශීය ආදායම් මෙතෙක් කල් කලේ ලියාපදිංචිය ගත් අය එලවා එලවා පහර දීම. ඔවුන් බදු ගෙවන්නා සළකන්නේ හොරු විදියට. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට. . ඇයි මෘදුකාංග නිරවද්‍ය කර ස්ථාපනය කරන්න බැරි. නිලධාරීන්ට මඩිය තරකර ගැනීමට නේද?
දැන්ද යකෝ උන්ට බදු ගහන්නේ ? මෙච්චර කල් පොල් ගෑවද ?