
(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන තෙදිනක් ගතවීමට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමාරවීර අමාත්‍යවරු ප්‍රමුඛ පිරිසක් අද (8) පක්ෂ මූලස්ථානයේ දොරටු ඇරගෙන පැමිණ වැඩ ආරම්භ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික‍්‍රමසිංහ මහතා ඉකුත් 2 දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර දයාසිරි ජයසේකර මහතා ඉකුත් 5 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටට පැමිණ වැඩ බාර ගත්තේ ඉන් අනතුරුවයි.
පක්ෂ මූලස්ථානයේ ඉබි අතුරු දමා වසා ඇති හෙයින් එළියේ සිට ලිපියට අත්සන් කොට වැඩ බාර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා එහිදී සඳහන් කළේය.
මේ අතර අද (8)දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ ඉබි යතුරු විවෘත කොට එහි පැමිණි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ප්‍රමුඛ පිරිසක් පක්ෂ කාර්යාලයේ සිට වැඩ ආරම්භ කළහ.
එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙක් මෙන්ම සභාපතිවරයෙක් නීත්‍යානුකූලව පත්වී තිබෙන අතර නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානායක එම තනතුර වල කටයුතු කරන බවයි.
පසුගිය දිනෙක පක්ෂ කාර්යාලය ඉදිරිපිට නීතියට පටහැනි කාර්යයක් කර තිබෙන බව කී අමරවීර මහතා බාධාවකින් තොරව පක්ෂ කටයුතු කරගෙන යන්නට නිමල් සිරිපාල සිල්වාට සහ දුමින්ද දිසානායකට අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන අතර පසුගිය දිනක පැමිණි කණ්ඩායමක් ඒ නියෝගය කඩ කර ඇතැයි කීය .
එම කණ්ඩායමට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීති පියවර ගන්නා බවත් නිමල් සිරිපාලගේ සහ දුමින්ද දිසානායකගේ තනතුරු වලට විරුද්ධව කිසිවකුත් මේ වන තෙක් අධිකරණයකට හෝ ගොස් නැති බවත් අමරවීර මහතා සඳහන් කළේය.
මෙහෙම ගියොත් ගම් වල ඉන්න අයත් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ මේස පුටු තියාගෙන අත්සන් ගසා වැඩබාර ගනු ඇතැයි කී මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාසට හේත්තු කරන්න පිරිසක් සූදානම් වී සිටින බව කීය.
ඒවා සාර්ථක වන්නේ නැතැයි ද පක්ෂ මූලස්ථානය මෙන්ම මහජන මතයත් තිබෙන්නේ තම පාර්ශවය සතුව බවද අමරවීර මහතා පැවසීය.
වෙනත් කණ්ඩායම් වලටත් ඇවිත් පක්ෂ සාමාජිකත්වය ගෙන කටයුතු කරගෙන යන්න හැකියාව තිබෙන අතර කවුරුවත් එලවන්න අවශ්‍ය වන්නේ නැතැයි ද පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නිමල් සිරිපාලට හෝ දුමින්ද දිසානායකට කිසිම අධිකරණ වාරණයක් නොපවතින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
බංකොලොත් දේශපාලුවෝ අතුගා දැමිය යුතුයි
මුන් ඔක්කොම රට පිලිබඳ කිසිම කැක්කුමක් නැති කාලකන්නි .අමු සොහොනක් බඳු කාලකන්නි පක්ෂයක කාඩ් බෝඩ් කිරුල දරා ගැනීමයි .උන්ගේ අභිප්‍රාය .ජනතාවට නම් මේ හැතිකරේ ජරාපක්ෂලාටත් වැඩියෙන් තිතට වෙලා .ළඟදීම මුන් ඔක්කොම ගෙදර
ඔය පක්‍ෂය තවදුරටත් මේ රටට ඕනද? ලංකාව විනාශ කල පක්‍ෂය. බණ්‌ඩාරනායක මහින්ද රාජපක්ෂ දෙන්න එකතුව රට විනාශ කලේ ඔය පක්‍ෂය මගින් බලයට ඇවිල්ල. ජනසතුකරනය දේශීය ව්‍යවසායකයින් විනාශ කිරීම විදේශ ධනපතියන්ට රට සූරාකෑමට සැලැස්‌වීම අධ්‍යාපනය සිංහල පමණක් කිරීම මගින් ජනතාව මොට්ට කර ජාතීන් අතර සමගිය නැතිකිරීම.... තව මොනවද නොකලේ...
එතකොට දෙගොල්ලන්ටම අධිකරණ තීන්දු දෙකක් වෙන වෙනම තියනවද තනතුරු තහවුරු කරමින් ?
මුන් නම් මහා කාලකන්නි මිනිස්සු .ඊළඟ චන්දෙන් ඔක්කොම අතුගෑවිලා යන්න ඕන