
(පද්මා කුමාරී කංකානම්ගේ)
පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්තිර් අලි සබ්රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත්කළේය.
මහෙස්ත්රාත්වරිය මෙසේ නියෝග කර සිටියේ කල්පිටිය පොලිස් බළ ප්රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරයා වග උත්තර කරුකරමින් පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී ය.
මීට පෙරදීද වග උත්තරකාර මන්ත්රීවරයා අධිරණයේ පෙනී නොසිටි අතර,මන්ත්රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරනයේ පෙනී නොසිටියේ ය.
රාජ්ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම,දේපල අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනා විය
COMMENTS
දැන් පුලුවන් මේ රටේ නීතිය අලි සබ්රිට උඩින්ද යටින්ද කියල ඔප්පු කරන්න. මොකද පොලිස් ඇමති කියන විදිහට මේ රටේ පොලිසිය දැන් නීතිය අකුරට ක්රියාට්මක කරනව.
මෙන්න මූවත් කෙහෙළිය වගේ අප නැතිව කාලෙකට රිමාන්ඩ් කලොත් අසනීප හොඳවෙයි .
මේ අර රත්තරං ජාවාරම් කරන එකා නේද? පාර්ලිමේන්තුව බල්ලට ගියා ද ?බල්ලා පාර්ලිමේන්තු ගියාද ?
පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් අධිකරණය තුට්ටු දෙකට දාලා තියන හැටි
මේ වගේ එවුන් මීළඟ සැරේවත් පාර්ලිමේන්තු එවනඑකෙන් වලක්වා ගැනීම පුත්තලම ජනතාව සතු වගකීම ක් .
පුත්තලම ජනතාවත් වසර 30 ට පසු මැති සභයට යවලා තියෙන්නේ වල බූරුවක්ව.
මේ පැත්තට හොර රත්තරන් කිලෝ 7 ක් සහ වටිනා ජංගම දුරකථන 99 ක් හොරෙන් රටට ගෙනවිත් අතටම අසුවෙලාත් බොහොම සුළු දඬුවමක් අයකරගෙන නිදහස් කළා. මේවා වෙන්නේ කාගේ උවමනාවටද?
මේකා අලි හොරෙක්