මහව - අනුරාධපුර අතර දුම්රිය මාස හයකට නවතී උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය කිරීම වෙනුවෙන් එම දුම්රිය මාර්ගය ලබන ජනවාරි මස 7 වැනිදා සිට මාස 6 ක කාලයකට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 09 December 2023
විදේශ රැකියා පෙන්වා ලක්ෂ 160ක් වංචා කළ කතක් මාට්ටු දකුණු කොරියාවේ කාර්මික රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 160 කට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. 09 December 2023
මැතිසබේ අනංගයන් සෙවීම පොලිස්පති බාර ගනී පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 09 December 2023
සහල් බෑගයෙන් උණ්ඩ මතුවේ සහල් බෑගයක් තුළ ටී 56; උණ්ඩ 690ක් රැගෙන යතුරුපැදියකින් ගමන් ගත් සැකකරුවන් දෙදෙනකු අලිමංකඩ යුද හා පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය පවසයි. 09 December 2023
පස් කන්දට යට වූ ව්‍යාපාරිකයා මරුට මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල් බැම්මක් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීම නිසා ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 09 December 2023
පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 09 December 2023
උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 09 December 2023
පැහැරගෙන කකුලට වෙඩි තබා පාරට තල්ලු කරලා හබරාදූව තල්පේ උතුරු ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 09 December 2023
බොහෝ පළාත්වලට තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව කියයි. 09 December 2023
අබුඩාබි - කටුනායක ගමන අඩු වියදමින් අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් , මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 09 December 2023
ගිලන් භික්ෂු මධ්‍යස්ථාන විදුලිය ලැබේ මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි විසන්ධි කර තිබූ විදුලි සම්බන්ධතාවය නැවත අද (08) යළි ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ. 08 December 2023
බදුල්ලේ පාරවල් අදත් වැසෙයි විශාල නාය යාමක් සක්‍රිය වීම හේතුවෙන් අද (8) කොස්ලන්ද කැලිපාණාවල අස්වැද්දුම ගමේ පදිංචි පවුල් විසි හයක් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ .ප්‍රියංගිකා මහත්මිය කීවාය. 08 December 2023
කෝටි 10ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 08 December 2023
රාජ්‍ය සේවකයන්ට යාපනේ යන්න ‘යාල් නීලා’ වොරන්ට් පහසුකම් ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 08 December 2023
වතු කම්කරු වැටුප වැඩි කරන ගාන වහා කියන්න වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. 08 December 2023
බදුල්ල කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නාය යාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසයි . 08 December 2023
නාවික හමුදාවේ 1877කට උසස්වීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877 කට උසස්වීම් දී තිබේ. 08 December 2023
කලා වැවේ දොරටු ඇරේ කලාවැව ජලපෝෂක ප්‍රෙද්ශවලට ඊයේ රාත්‍රිෙය් සිට ඇදහැලුනු වර්ෂාවත් සමග කලාවැව ජලධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3.00 සිට වීවෘත කිරීමට කලාවැව ජලාශභාර කාර්යාලය කටයුතු කර තිබේ. 08 December 2023
භාණ්ඩ අනූ හතකට වැට් බදු නිදහස දී ඇති ද්‍රව්‍ය එකසිය තිස් අටකින් අනූ හතක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. 08 December 2023
ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී පැවැත්විණි. 08 December 2023
ඒ.සී නැතුව සිංහල චිත්‍රපට අනතුරේ කැලණියේ පිහිටි සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයේ වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වීම නිසා චිත්‍රපට පිටපත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 December 2023
නව විදුලිබල පනත කුමන්ත්‍රණයක් ශ්‍රී ලංකා විදුලිබල පනත නමින් ගැසට් කර ඇති පනත් කෙටුම්පත දෙසැම්බර් 5 වැනිදා ගැසට් කළ බව සඳහන් කර තිබුණ ද 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පළකර නොතිබුණු බවත් මෙම විදුලිබල පනත කුමන්ත්‍රණයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (8) පැවසීය. 08 December 2023
’හරක් කටා’-’කුඩු සළිඳු’ තව දින 90ක් සී.අයි.ඩීයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබෙන ’හරක් කටා’ හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න සහ ’කුඩු සළිඳු’ හෙවත් සළිඳු මල්ෂිත තවත් දින 90 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. 08 December 2023
මාධ්‍ය ගැන ලංකාවට තවත් ’’කප්’’ එකක් ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2023
කැලණිය සරසවිය ලබන සඳුදා ඇරේ කැලණිය විශ්වවිද්‍යාලයේ වසා තිබෙන පීඨ තුන නැවත ලබන සඳුදා (11) විවෘත කරන බවත් ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තාක්ෂණ පීඨ මෙසේ නැවත අධ්‍යාන කටයුතු සඳහා විවෘත කරන බවත් එම විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි. 08 December 2023
වැදූ මවත් හදන්න ගත් මවුවරුන්ටත් ඇප:දරුවන් ළමා නිවාසයට දරුවන් මුදලට අළෙවි කිරීම සහ නීත්‍යානුකුල නොවන අයුරින් දරුවන් ලබා ගැනිම යන චෝදනාවන් මත වැලිසර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වැදූ මව සහ හදාගන්නට ගත් මවුවරුන් තිදෙනා ඒක්ක්ක අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිධාන මහතා නියෝග කළේය. 08 December 2023
සිවුරක් පැළඳුවාට අවුකන ප්‍රතිමාවට හානියක් වී නෑ අනුරාධපුරය ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේදී එම ප්‍රතිමාවට හෝ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 December 2023
ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 08 December 2023
ජපානයෙන් තවත් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි. 08 December 2023
සිහි නැති කළ ජිරාෆ්ගේ දිවි තොර වේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (25) ක් වූ එක් ගැහැණු සත්වයකු (07) වන දින හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය. 08 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026