
(අංජුල මහික වීරරත්න)
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.
නිවාසක වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත් වන ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාස වල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ දී සහභාගී වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයකදී ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්රදානය කිරීම සිදු කෙරේ.
මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ නියම මොලයක් ..හිතක් නැති
මෙයාගේ ගෙදර ගිනි තියපු එක මොනතරම් දෙයක්ද .ඒ වගේම මෙයාගේ සල්ලි කවුරු හරි හොරකම් කලොත් එයාට හොරකම් කරන එකේ වැරැද්ද අවබෝධ වේවි.
තමන්ගේම ගෙදර ගිනිතියාගන්න හිතක්, පපුවක් තියෙන පුද්ගලයෙකුට බෑ...
අනුන්ගෙන් කකා බිබී ඉන්න රතු පාට හනුමන්තා සෙට් එකට මොන ගෙවල්වල වටිනාකම්ද අනේ...!
පාස්කු දා ප්‍රහාරයෙන් 250 ක් මැරුණා. මොවුන්ට ගාණක් වත් නෑ. තමන්ගේ ගෙදර ගිනිතියපු එක නම් දැනිලා. මේ වගේ අය පත්කරපු පොහොට්ටුවෝ එළවලාම දාන්න ඕනෑ. විශේෂයෙන් ගෝඨාභය වගේ අය ඉන්න ඕනේ හිරේ...
හය පාරක් අගමැති වෙලා, ගෙයක වටිනාකම නොදන්න නායකයා. ඕවාට දැන් මිනිස්සු අන්දන්න බෑ හලෝ.
මේ... කවුරුහරි පුළුවන් කෙනෙක්, තමන්ගේ අඳුරන කෙනෙක් දාලා මෙයාගේ සේප්පුවක් කඩලා මංකොල්ල කාපන්කෝ. එදාට, මහබැංකුව කොල්ලකෑමේ අමාරුව තදින්ම දැනෙයි.
යාපනේ පුස්තකාලේ ගිනි තියපු දවසේත් ඔහොම හැඟීමක් දැනුණා...
88/89 මගේ පුතාව අරන් ගිහින් මරලා දාපු බව දැන ගත්තාමත් ඔහොම්ම දැනුනා. ඒත් ඒ හැඟීම නම් ඔබතුමාට කවදාවත් දැනෙන්නේ නෑ.
හෙට අනිද්දාට රස්සාව අහිමි වුණාම මිනිස්සුන්ට රස්සාව නැතිකම හොඳට තේරෙයි.
ඒ වගේද උගත්, තරුණ ජීවිත, රජයේ සහ අතුරු හමුදා මගින් ටයර් මැද්දට දාලා පිච්චුවේ... ඒකට රනිල් වග කියන්න එපැයි.
වේලක් හැර වේලක් කාලා බලන්න... එතකොට තේරෙයි ඔයාගේ පාලනයේ දියුණුව...
සාමාන්‍යයෙන් මිනිසකුට නිවසක වටිනාකම දැනෙන්නේ වයස 20-30 අතර විවාහ වුණාම. වටිනාකම තියෙන්නේ, ඔබතුමාට එය වයස 70-80 අතර කාලයේදී දැනීමයි. එපමණක් නොව, ඔබතුමාගේ නිවස ගිනිතබා වසර දෙකකට පසුව, මැතිවරණයක් අභියස, මහල් නිවාස වල ජීවත් වන ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීම එම වටිනාකම තවත් වැඩි කරන ලදී..
ඔබට ගෙය ගිනිතැබීමේ වේදනාව වගේම ඔබේ පාලනයේ හොඳකමින් මේ රටේ බොහෝ පිරිසකට කන්න බොන්න නැති වේදනාව ඔබට නොදැනෙන්නේ ගේ නැතිවුණත් ඔබට යහමින් කන්න බොන්න ඇති නිසයි.
කවුරු හරි ඔයාගේ බැංකු ගිණුමට විද්දොත් මහබැංකුවේ වටිනකාමත් තදින් දැනෙයි...
මොන ගෙවල්ද. මින් එකෙක් වත් මහ මන්දිර හැදුවට ඉන්නෙ රජයේ ගෙවල් වල. ඔය තරම් වටිනාකම තේරෙනවානම්. තමන්ගෙ ගෙදර ඉන්න. අනිත් බුරුවන්ටත් කියන්න. මේ රට හොඩ ගන්න නම් ඔය නඩේ තමන්ගෙ ගෙදරට ගිහින් වතුර කරන්ට් ගෑස්. බඩු මේ සේරම බිල් ගෙවන්න. මුන් ඉන්නෙ පිනට කන්නෙ පිනට බෙහෙත් පිඅනට. වාහන පිනට. මේ හිගන නඩේ එලියට ඇදලා දාලා අනුර කුමාරට රට බාරදෙන්න ඕන. අව්ටුදු පහේ ප්ෂ්න්දන් නතර කරන්න. මුන්ටත් චන්දෙ දෙන හරක් ඉන්න රටක් මේක