රටපුරාම අදත් තදින් වැස්ස උතුරු උතුර මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි. 11 December 2023
දිස්ත්‍රික්ක අටකට නාය අනතුරු අඟවයි දිවයිනේ බොහෝ ප්‍රදේශයවල පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද 11 සවස දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 11 December 2023
තරුණයා අටේ වළේ සැඟ වේ නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනකු සමඟ .දියනෑමට ගිය තරුණයකු ෙදියේ ගිලී මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි . 11 December 2023
හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ අද (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 10 December 2023
දෙමළ ඩයස් පෝරාව මහ නා හිමිවරුන් බැහැ දකි රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ. 10 December 2023
වස්කෝ ද ගාමා, ෂිෆ්-05 සහ සෙවන් සීස් කොළඹ වරායේ සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට අද (10) සේන්දු වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය. 10 December 2023
අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. 10 December 2023
අනතුරින් තුවාල ලැබූ සියා පාළු තැනක දමා ගිහින් ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පූගොඩ පොලීසිය පවසයි. 10 December 2023
මගේ කතාවට ආණ්ඩුවට උණ ගැනිලා මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය ජල සම්පාදනය මණ්ඩලය යමකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද. මේකට හේතුව මගේ කතාවට මෙයාලට 10 December 2023
කොළඹ - බදුල්ල මාර්ගය උඩුවරින් වහයි කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් අද (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 10 December 2023
කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 December 2023
උගස් කඩයේ හිමිකාරිය ගහන්න ගිය ගේම අතේ පත්තු වේ රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාන්ඩ උකසට ගන්නා ස්ථානයකින් රුපියල් එක් කෝටි 40 ලක්ෂයක පමණ වටිනා රන්භාන්ඩ මංකොල්ලකා පලා ගිය බවට රාගම පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ එම ස්ථානයේ හිමිකාරිය සහ කළමනාකාරිය ඇතුලු සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 10 December 2023
හමුදා භටයන්ගේ ආරක්ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් අද (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය. 10 December 2023
බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 10 December 2023
තැපැල පැය 48කට වැඩ නවතී තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය අද (10) පස්වරු 4.00 ට ආරම්භ කළේය. 10 December 2023
උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි. 10 December 2023
රාගම - වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 10 December 2023
පාර්ලිමේන්තු සජීවී විකාශය පැය භාගයකින් පරක්කු කරන්න පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 10 December 2023
විදුලිය බිඳවැටීමෙන් කෝටි 600 ක ආර්ථික හානියක් රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවත් විදුලිය බිඳ වැටීමෙන් වැලැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ 10 December 2023
උඩුගම්පොල උකස් මධ්‍යස්ථානයක් කොල්ල කයි ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 10 December 2023
ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක් ආබාධිත ජනතාවට සාමාන්‍ය රියදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා තීරණය කර ඇත. 10 December 2023
අතුරුදන් වූ සිසුවියගේ සිරුර ගිං ගඟෙන් හමුවෙයි අතුරුදන්ව සිටි පාසල් ශිෂ්‍යාවකගේ මෘත ශරීරය කොළොන්න උල්ලිඳුවාව ප්‍රදේශයේ ගිං ගඟේ තිබි හමුවු බව කොලොන්න පොලීසිය පැවසුවේ ය. 10 December 2023
කොරෝනා නිසා පොලු තැබූ මිලියන 1989ක් ගෙවයි කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 1989.75 ක මුදල මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 10 December 2023
අනවසර ඉන්දීය ධීවරයෝ 220 ක් නාවික හමුදා භාරයට මෙම වසරේ මේ දක්වා කාලයේදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා 33 ක් සමගින් ඉන්දීය ධීවරයන් 220 ක් භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය. 10 December 2023
ඝණ පූරණය නැතුව පාර්ලිමේන්තුව කල් තබයි වැට් බදු සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඝණ පූරණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබනු ලැබීය. 10 December 2023
වැට් ගහන ලැයිස්තුව ගැන වාදයක් ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 December 2023
පාසල් ළමුන්ට මත්පෙති විකිණු අයෙක් දැලේ අනුරාධපුර නගරයට පැමිණෙන පාසල් ළමුන් පෞද්ගලික අමතර පන්ති සිසුන් ඇතුළු නගරයට පැමිණෙන තරුණ පිරිස් ඉලක්ක කර මත් පෙති විකුණූ , පෞද්ගලික ඔසුසල් සේවකයෙකු මත්පෙති තොගයක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 10 December 2023
පිළිකා කාරක අඩංගු සෝස් බහාලුම් තොගයක් විනාශ කරයි පිළිකා කාරක වර්ණක භාවිතා කරමින් නිසි ප්‍රමිතියෙන් තොරව නිශ්පාදන කළ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා සෝස් බහාලුම් තොගයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් මත විනාශ කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික කටුදම්ප මහතා පැවසීය 10 December 2023
කෝටි 10 ක රන් බත්තලන්ගුණ්ඩුව කළපුවෙන් හමුවෙයි බත්තලන්ගුණ්ඩුව කලපුවේ සගවා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝ හතරක ප්‍රමාණයක් ධීවරයින් දෙදෙනෙකුද සමග අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව සමත්ව තිබේ. 10 December 2023
එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. 10 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026