පිලිපීන කත කුඩු සමග අල්ලයි රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි. 22 May 2024
වරෙන්තු 59ක් ලබා සිටි කතක අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ ඇති කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 22 May 2024
ඝාතනයකට සම්බන්ධ දෙකක් මාස 11කට පසු මාට්ටු කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් විසි පහක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතලිස් හයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 22 May 2024
ඉරාන ජනපතිට බුලත් දුන් ගයිදු ලංකාදීපයට කතා කරයි ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණායැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පැවැසීය. 22 May 2024
මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට පැමිණ ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාස් සාහේ මහතා ප්‍රකාශ කළේය. 21 May 2024
රේගුවේ පරිප්පු පිට පාරේ යයි ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ. 21 May 2024
පේරාදෙණි සරසවියේ යතුරු 21ක් වර්ජකයෝ අතේ පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි . 21 May 2024
බසයක් පෙරැළී හයක් රෝහලේ කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන් පොලිසිය පැවසීය. 21 May 2024
පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 21 May 2024
සජබෙ ආසන සංවිධායක එජාපයට සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 21 May 2024
‘අවදානමක් නැතිනම් පුත්තලමේ පාසල් අරඹන්න‘ ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්තලම හා හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අද(21 ) උපදෙස් දුන්නාය. 21 May 2024
දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 21 May 2024
නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු දෙන්න කැබිනට් අනුමැතිය අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 21 May 2024
ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්රිත් යයි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි 21 May 2024
කසිප්පු පෙරූ එස් අයි ගේ වැඩ තහනම් කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් I පොලිසි අධිකාරී කාර්යාලය පවසයි. 21 May 2024
අලි මිනිස් ගැටුම පාලනයට ක්‍රම දෙකක් අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. 21 May 2024
බොරැල්ල කනත්තේ මහ ගසක් පාරට වැටෙයි බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය. 21 May 2024
මාළදෙණියේ පුංචි පවුල අවසන් ගමනේ පාපතර ඥාතී පුත්‍රයාගේ දෑතට ගෙල සිරවීමෙන් මිය ගිය මීරිගම මාළදෙනියේ මව පියා සහ පුතාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි . 21 May 2024
දුමින්දට එරෙහි විජයදාසගේ පෙත්සම යළි සලකා බැලීම හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගය හෙට සිදුකිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) දින නියම කළේය. 21 May 2024
වෙසක් සමරන්න රටපුරා දන්සල් 5.000ක්: තොරණ 320 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය. 21 May 2024
ගසක් කඩා වැටි අයෙක් මරුට ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2024
ආර්ථික පරිවර්තන පනත හෙට මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ( 22) ඉදිරිපත් කිරීමට නියමිතය 21 May 2024
අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 21 May 2024
’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායාරූප මාධ්‍යකරණය තෙවැනි ස්ථානය සහ එහි කුසලතා සම්මාන ‘ලංකාදීප’ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ හිමිකරගැනීමට සමත් විය. 21 May 2024
ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ. 21 May 2024
බන්ධනාගාර වර්ජනය අවසන් බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසිය. 21 May 2024
මතීෂ පතිරණ ලක්ෂ 360කට අළෙවි වෙයි කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය. 21 May 2024
ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 21 May 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026