
(යොහාන් භාසුර)
දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට ඕවා යවන්නේ නෑ. කලිනුත් මෙහෙම බොරු කිව්වනේ
ගිණි පඩි කකා ඕටී ගගහා අයිස් ගහන දුම්රිය සේවකයන්ට හොද වැඩේ…..
පුළුවන්නම් රටටම විනයක් උන දුම්රිය වර්ජකයන් දොට්ට දාලා පෙන්වන්න. කොන්ද පණ ඇති නායකයෙක් ලෙස රනිල් ඉතිහාසගත වනු ඇත
ජනතාවගේ බදු මුදලින් 86% ක් වියදම් කරන්නේ රාජ්‍ය සේවකයන්ව . බදු ගෙවන ජනතාවට කාර්යක්ෂම සුහදශීලි විධිමත් සේවයක් ලබා දෙන්න අපොහොසත් රාජ්‍ය සේවකයන් ගෙදර යැවිය යුතුයි සල්ලි අච්චු ගහලා පඩි වැඩි කලොත් උද්ධමනය ඉහළ ගිහින් ජනතාව අමාරුවේ
බලමු ආණ්ඩුවේ කොන්ද.
කරනවා නම් එක හොඳයි ඔය සමිති කාරයෝ නිසා රට ආයි විනාශ වෙනවා.. ඔය කාලකන්නි සමිති කාරයන්ට දුටුතැන ගහන්න ඕනෑ..
ආදර්ශයක් . එයාලා ඊයේ නිකම් ත්‍රස්තවාදීන් වගේ රජයට කතා කළේ. මොන රජය ආවත් මෙයාලා මෙහෙමයි නටන්නේ. මතකනේ. ජේ. ආර්.මහතා කළ වැඩේ. කිසිම ආණ්ඩුවකින් ඔවුනට නැවත රැකියා ලැබුනේ නෑ. රටක් හදන් බෑ වේවැල අතට නොගෙන.
ඔහෙගේ සේවයෙන් පහ කිරිමේ ලියුම ඔක්තෝබර් 19 වෙනිදාට පෙර අපි ලැබෙන්න සලස්වන්නම් හොදේ !
ආටක නාටක
බලමුකෝ කියන විදිහට කරයි ද කියලා කොන්ද ඇතිව.
මේගොල්ල සිටිය කියල හැමදාම දුම්රිය ප්‍රමාදවෙනවා අවලංගු වෙනවා , මගියෙකුට හරියට කතාකරන්න දන්නේ නැහැ , මේ ගොල්ල මගීන්ට සළකන්නේ හරියට මගින් මෙගොල්ලගේ වහල්ලු වගේ , මෙගොල්ලට වැටුප් වැඩි කළ කියල කිසිම තේරුමක් නැහැ , රජයේ සේවකයෝ අවශ්‍යප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ විවිධ රජයේ ආයතනවල සිටිනවා , අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩක් නැතුව සිටින උපාධිධාරීන් පුහුණු කරලා ගන්න , කවුරුගතත් කොන්ත්‍රාත් පදනම මත ගන්න , මේවා කරන්න බැරිනම් දෙපාර්තමේන්තුවේ ඉඩම් දේපල පවරන්නේ නැතුව ,දුම්රිය සේවය පවත්වාගෙන යන එක පමණක් , පුද්ගලික අංශයට අවරුදු 10 කට පමණ පවරන්න , ලොකු වෙනසක් වේවි , දුම්රිය නිසි වෙලාවට ධාවනය වුනොත් බස්වල , පුද්ගලික වාහනවල යන මගින් විශාල ප්‍රමාණයක් දුම්රිය භාවිත කරවී , ටිකට් මිල ටිකක වැඩිවුනත් කමක් නැහැ ගුණාත්මක සේවයක් දෙනවා නම් මගින් ඒවි .
යුද්ධය දිනපු හමුදා රණවිරුවෝ දාලා ඔය සේවය නිකන්ම සපයන්න පුලුවන්
මේ යූනියන් මාෆියා කාරයන්ට පාඩමක් ඉගැන්නුවොත් ලොකු දෙයක් . JR ජයවර්ධනගෙන් පස්සෙ ආපු කිසිම නායකයෙක්ට යුනියන් කාරයෝ එක්ක හැප්පෙන්න කොන්දක් තිබුනේ නැහැ
ඔය අස්වීමේ ලිපි යවනව කිව්වට යවන්නේ නෑ. වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපවලට තර්ජනයෙන් පිලිතුරු නොදී සුහදව ප්‍රශ්ණය නිරාකරනය කිරීම පාලකයින්ගේ වගකීමයි. හැබැයි මේදුම්රිය සේවය හිගන්නගේ තුවාලය වගේ අවුරුද්දෙ වැඩි දවසක් මොකක්හරි ප්‍රශ්ණයක් අල්ලගෙන වර්ජනය කරනවා.මේනිස මගී ජනතාවට ගමන් අපහසුතා අතිවී අසරණ වෙනවා. මේවාට තිරසර විසදුම් ලබාදීම රජයේ වගකීමයි.මේවා ඉටුකරන්න බැරිනම් ජනතාවට බොරුකියා ආණ්ඩු පිහිටුවා ගැනීමෙන්. වලකින්න.
කරුනාකරලා වහාම මේ ලිපි භාර දිලා එලවල දාන්න.මේ කරන කෙළවරක් නැති වර්ජනවලට මෙවැනි පිලිතුරු දිය යුතුයි
80 ගණන්වල රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි, ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගත නොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහෙ පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙන සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධාරීන් ගෙදර යවා කොන්ත්‍රත් පදනම මත යහපත් විශ්‍රාමික නිළධාරීන් (අවුරුදු 68 ට අඩු) අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැතනම් යහපත් පහල මට්ටම් වල නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න.
80 ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි. ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යයනය කරන්න. අදහා ගත නොහැකි වෙනසකි. කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහේ පුද්ගලික අංශයට දෙන්න බැරි නම් තියෙන්නේ සේවය නිවැරැදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිලධාරීන් ගෙදර යවා කොන්ත්‍රාත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිලධාරීන් අවුරුදු කිහිපයකට බඳවාගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහළ මට්ටම් වල යහපත් නිලධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීළඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි...
රනිල්ට ඔච්චර කොන්දක් නෑ. නගුට වනාගෙන ඉන්නවා.