වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි. 21 May 2024
ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. 21 May 2024
නොදන්වා රට පැන්න හමුදාවේ 373ක් ඉවතට පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 15,667 ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය. 21 May 2024
ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 21 May 2024
අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ. 21 May 2024
ඩයනා ගමගේට ඇප හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 21 May 2024
විදුලිසැර වැදී ව්‍යාපාරිකයා මරුට මුන්දලම - බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි. 21 May 2024
ඩයනා අධිකරණයට බාර වේ කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. 21 May 2024
වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2024
නානතොටුපොළේ දී බිරිය මැරූ සැමියා මාට්ටු ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුයම ලුණුගල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලිසිය පවසයි . 21 May 2024
‘මදුරන්කුලියේ දරුවෙක් දින තුනක් තිස්සේ අතුරුදන්‘ මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි. 21 May 2024
ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් රන්න නගරයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. 21 May 2024
කොළඹ - පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය. 21 May 2024
ට්රැක්ටරය පෙරැලී සිසුවෙක් මරුට-පහක් රෝහලට මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි. 21 May 2024
වැස්ස තවදුරටත් නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 May 2024
ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි. 21 May 2024
කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 20 May 2024
සුළඟින් ගම්පහ තොරණට හානි ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි. 20 May 2024
අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 20 May 2024
ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි. 20 May 2024
අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 20 May 2024
ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය. 20 May 2024
ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3ක් නාවික හමුදාවෙන් බේරාගැනෙති අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (20) බේරාගනු ලැබූහ. 20 May 2024
සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා? විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 20 May 2024
’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක් ජනතාව මුලා කරමින් ’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා නිකුත් කළේය. 20 May 2024
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන්න නව අධ්යක්ෂවරයෙක් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කරනු ලැබ ඇත. 20 May 2024
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද? ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 May 2024
බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 May 2024
ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට ලේකම්ට වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (20) නිකුත් කළේය. 20 May 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026