
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.
අද රටේ ආරක්ෂාව ගැන ගැටළුවක් තියෙනවා.
එනවා ගහනවා යනවා. පුදුම මිනීමැරුම් සිද්ධ වෙන්නේ. මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන. ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. මේක බරපතළ ප්‍රශ්නයක් මොකක්ද ඔබතුමාලා මේකට දෙන විසඳුම. මම මේක අහන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. සමාජයේ නීතිය සාමය සුරක්ෂිත කළ යුතුයි. ප්‍රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහය දෙනවා. මහජනතාවගේ ආරක්ෂාව සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා බලයට ආවොත් ඔච්චර තමයි රට විනාශයි
ඔව් ඉතිං තාත්තට, කුරේ අංකල්ලාට, ඇලෝසියස්ලාට පිංසිද්ධ වෙන්න ඒ ජඩ කම් නම් දියුණුවෙන් දියුණුවට පත්වෙලා….
දැන් ඉන්න පොලිස්පති මේ රටේ ඉහලම අධිකරණයෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වැරදි කරු කොට අච්චු ලැබූවෙක් . පොලිස් ඇමති කියන්නේ රාඩා ආයතනය හරහා කොටින්ට සල්ලි දුන්නු බව තමන් විසින්ම ප්‍රකාශ කල, නීතිය රජයන රටක නම් හිරගෙදර සිටිය යුත්තෙක්. ඊයේ පෙරේදා පොලිසියේ ලොක්කෝ රොත්තක් මිනීමැරුම් සිද්ධියක කට උත්තර ගන්න අවස්තාව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වෙන්න ඉඩ ලබා දුන්නා. එහි ප්‍රතිඵල ඒ නඩුව විභාග කරන විට දැනගන්න ලැබේවි. පොලිස් ඇමති, පොලිස්පති වැනි තනතුරු වල සිට පහල තනතුරු දක්වාම දූෂිතයන් ඉන්න කොට චිකාගෝ පන්නයේ අපරාධ සිදු වෙන එක පුදුමයක් නොවෙයි.