
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික කල්‍යාණී නදී උදකුක්ඛේප සීමාමාලකය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් වර්ෂ 150කට අධික කාලයක සිට එහි උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබන්නේ කැලණි නදියෙහි තාවකාලිකව ඉදි කරන ලද උදකුක්ඛේප සීමාමාලකයකයි.
වාර්ෂිකව එම තාවකාලික සීමා මාලකය ඉදිකිරීම සඳහා අධික ශ්‍රමයක් වැය කිරීම මෙන්ම දැරීමට සිදු වන පිරිවැය ද සැලකිල්ලට ගෙන කැලණි ගංගාව අසල පිහිටි එම සංඝ සභාවට අයත් වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණ වංශිකාරාම විහාරස්ථාන භූමියෙහි ස්ථිර උපෝසථාගාරයක් ගොඩනැංවීමට සංඝ සභාව තීරණය කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍යවරයා එම කරුණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ හා උපදෙස් මත යෝජිත ඵෙතිහාසික උදකුක්ඛේපසීමා මාලක ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd