(නිමල කොඩිතුවක්කු)

දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය කියයි.

කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන්  දුම්රියෙන්  වැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු  කර අතර දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ  අධික මගී තදබදයක් සහිතවයි.