
(අංජුල මහික වීරරත්න)
සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබිණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගම් වලට අදාල ක්‍රියා පටිපාටි, මෙහෙයුම් සහ වෙනත් අවශ්‍යතා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දැක්වෙන අතර 2024-03-31 දින වන විට එම පනත යටතේ සංස්ථාපනය කර හෝ ලියාපදිංචි කර ඇති සමාගම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 199484 ක් පමණ වේ.
මේ වන විට එකී පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින් සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින් ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීමට විධි විධාන සැලසීම සඳහා නව නීතියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට පවත්වා යන සමාගම්වල නියම සංඛ්‍යාලේඛන ලබාගැනීමට නම්, එම ආයතනවල ලියාපදිංචි ලිපිනයට ලිපියක් යවා, දින 7ක් ඇතුළත ලිඛිතව ව්‍යාපාරය සක්‍රිය ද යන්න තහවුරු කර පිළිතුරු එවන ලෙස දැනුම් දිය හැකියි. නමුත්, මෙම නව විධිවිධානවල සැබෑ අරමුණ ලියාපදිංචි ගාස්තු ලෙස මුදල් ඉපයීම විය නොහැකිද? යහපාලන සමයේදී, ආදායමට සාපේක්ෂව වියදම් බොහෝ ලෙස වැඩි වූ සුලු පරිමාණ ව්‍යාපාර රැසක් වසාදමන තත්ත්වයට පත්විය. එයින් ද මුදල් ඉපයීමේ පරමාර්‍ථයෙන්, එවකට මුදල් ඇමැතිවරයා ව්‍යාපාරයක් වසාදැමීමේදී රුපියල් 50,000ක් අදාළ රජයේ ආයතනයට ගෙවිය යුතු බවට නීතියක් ක්‍රියාත්මක කළේය. එමගින් ව්‍යාපාර නිසි ලෙස ක්‍රියාත්මක නොවුණත්, නීතිප්‍රකාරව එම ව්‍යාපාර අවසන් නොකිරීමට පොළඹවන තත්ත්වයක් උදා විය. දැන් මේ අත්විඳින්නේ එහි ප්‍රතිඵල නොවේද?
ලියාපදින්චිවෙලා තිබෙන සමාගම් විසින් වාර්ෂිකව ගාස්තුවක් රජයට ගෙවනවා. ඒකෙන් පෙනෙනවා සක්‍රීය සමාගම් මොනවද නැද්ද කියලා? පසුගිය වසර 3 තුළ සහ ඉන්පෙර වාර්ෂික ගාස්තු ගෙවීම් පැහැර හරින ලද සමාගම් වෙතොත් ඔවුන්ට ඒවා ගෙවන්න මාස 1 ක පමණ කාලයක් ලබාදීලා එසේ නොකරන සමාගම් වල ලියාපදිංචිය අවලංගුකර ඒවාට නම් හිඟ ගාස්තු දඩයක් සමග ගෙවලා නැවත ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නාම මේ ප්‍රශ්නේ විසඳෙනවා.... මේ සියලුම සමාගම් නැවත ලියාපදිංචි කරන ලෙස ගත් තීරණය නිසා කලින් වාර්ෂිකව ගාස්තු ගෙවීම පැහැර හැරි සමාගම්වලට ඒවා ගෙවන එක පැහැර හැර අලුතෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්... නිසිලෙස ගාස්තු ගෙවමින් පවත්වාගෙන එන සමාගම් වලටත් අගතියක් සිදුවෙනවා.. රජය මේ ගැන නැවත සිතා බලන්න. මේ අවස්ථාවේ රජය කළයුත්තේ රටේ ආර්ථිකය දුවවන සමාගම්වලට ව්‍යාපාර කටයුතු පහසු කිරීමට කටයුතු කිරීම මිස ඔවුන් අපහසුවට පත්කිරීම නොවේ. මේ වැඩ සඳහා ව්‍යාපාරිකයාගේ සහ රජයේ නිලධාරීන්ගේ විශාල කාලයක්, ශ්‍රමයක් නිකරුනේ නාස්ති වෙනවා.. මෙම කාලය සහ ශ්‍රමය වැය කර පසුගිය කාලයේ රජයේ ගාස්තු නොගෙවපු සමාගම් හඳුනාගෙන එම මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම ඵලදායක බව මගේ අදහසයි...