
(අංජුල මහික වීරරත්න)
රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ, කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත.
ඒ යටතේ අත්කර ගන්නා ලද රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් විසින් උත්සාහ දරන අතර එකී ඉඩම් ආරක්ෂා කර ගනිමින් ඒවා පවරා ගැනීමේ අරමුණු වලට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංර්වර්ධනය කිරීමේ සංස්ථාවේ මග පෙන්වීම යටතේ යෝග්‍ය සංර්වධන කාර්යයන් සඳහා යොදා ගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටසක් ආදායම් උත්පාදන මාර්ග සහිතව පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගනිමින් නාගරික උද්‍යානයක් ලෙස සංර්වධනය කිරීම පිණිස යෝජනා කැඳවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගුරුබිම් ගොඩකිරීමේ සංවර්ධන උපාය මාර්ගය අනුගමනය කෙරුවේ රණසිංහ ප්‍රේමදාස උතුමාණන්ගේ සංකල්පයක් අනුවයි. ඊට පස්සේ කොළඹ හා අවට ප්‍රදේශ වල සුළු වැස්සකට වුණත් පාරවල් ගොඩනැගිලි හා ඉඩම් වතුරට යටවන අභාග්‍යසම්පන්න තත්වයක් උදා විය. ඒක රටේ කවුරුවත් දන්නා ප්‍රකට කරුණක්, ඒ නිසා පසුකාලීනව රටේ වගුරුබිම් ගොඩ නොකිරීමටත් ඒවායේ පරිසර පද්ධති ආරක්ෂා කිරිමටත් යම් යම් පියවරයන් ගත්තා... දැන් මේ කප්පමා ලැහැස්ති වෙන්නේ ඒ තීන්දු තීරණ කනපිට ගසමින් වගුරුබිම් ගොඩ කර විකුණමින් කොමිස් ගහන්නයි. උප්පත්තියෙන්ම විකිණීම හැර වෙන කිසි දෙයක් නොදන්න විකුණුම්සිහ ජනාධිපතිවරණය දිනා ගන්නා අටියෙන් ගෝලයින්ට කැමැති දෙයක් කරන්න ඉඩදීලා බකං නිලාගෙන ඉන්නවාය.
ඡන්දයට පෙර තාව ගාණක් හොයාගන්‍න කරන උප්‍පරවැට්‍ටියක්‍දැයි සැකයි... හොර දේශපාලුවන්‍ට පන්දම් අල්‍ලන ගොට්‍ටෙක්‍ට නාගරික උයන හදන කොන්‍ත්‍රාත් එකත් දෙයි...
ඡන්දෙට කලින් කරගන්න දෙයක්.. තමයි ඉතින්,..ගම්පහ ත් යට වෙන්නේ ඒකනේ
ගංවතුර ගලා උතුරලා යයි දෙගොඩ තලා