
(ගයාන් සූරියආරච්චි)
මිනුවන්ගොඩ වෑලියේ සුරාජ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන සිට බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 43 ක් වන මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (9) යුක්තියට නව මෙහෙයුම යටතේ මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍ර දේශයේ රාජකාරියේ සිටින අවස්ථාවේදී ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී ටී 56 පතොරොම් ගැබ් 2 ක්, පිස්තෝල ගිනි අවි පතොරොම් ගැබ් 2 ක්, ටී 56 උණ්ඩ 144 ක්, පිස්තෝල අවි පතොරොම් 2 ක් සහ හෙරොයින් ග්‍රෑම් 8 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මිනුවන්ගොඩ වෑලිය සුරාජ් නැමැත්තාට අයත් ආයුධ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd