
(ගයාන් සූරියආරච්චි)
රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා ‘විරුසර‘ නමින් වරප්‍රසාද කාඩ්පතක් හදුන්වා දී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ සාකච්ඡාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සේවාව සදහා අනුමැතිය ලබා ඇත.
ඒ අනුව සෞඛ්‍ය සේවා ලබාදීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රමුඛතාව මත එම සේවා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් ට ප්‍රමුඛත්ව හිමිවනු ඇති බව අමාත්‍යවරයා කීය.
මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ ජනතාව මේ තරම් හෝ නිදහසක් භුක්ති විඳින්නේ වර්ජන තර්ජන කරන්නේ රණ විරුවන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය පරාජය කර රට සාමකාමී කළ නිසයි. එය අගය කිරීමේ ගැටළුවක් නැහැ. රටේ පොඩ්ඩක් හරි ඇති හැකි ජනතාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික සායනවලට යනවා. රජයේ සායනවලට යන්නේ එසේ පෞද්ගලික සායනවලට යාමට ආදායමක් නැති බැරි ජනතාවයි. ඉදින් රණ විරුවන්ට හා පවුල්වල අයට පමණක් එවැනි තැනක ප්‍රමුඛතාව දීම මානුෂිකව සාධනීයද? අඩු ගානේ මේ යුද්ධය කාලේ සේවය කළ රණ විරුවන්ට පමණක් හෝ මේ වරප්‍රසාදය සීමා කිරීමට ජනතාවගේ පැත්තෙන් සිතා බැලිය යුතුයි.
කවදාවත් නැති විදියට පුදුම කරුණාවක් පහළවෙලා තියෙනවා ? මොකද හොරේ ?
මෙම කාඩ්පත ලබා ගෙන අවුරුදු 12කි. ඔය කියන කිසිවකු ගේ ඊට සැලකීමක් නැහැ. පසුම්බිය ට කාඩ් පතක බරක් එකතු උනා විතරයි.
නිවැරදිව කියනවනම් ඔය විශේෂ සැලකිල්ල දිය යුතු රටේ ජීවනාලිය වන පෞද්ගලික අංශයට. ආරක්ෂක අංශවලට වෙනම රෝහල් තියෙනව නේද?ඒව රටේ සාමාන්‍ය ජනතාවට විවෘත නෑ.පෞද්ගලික අංශය උපයනවිට රාජ්‍ය සේවය එයින් වැඩිම කොටස බිල්ලට ගන්නව.
යකුනේ.. දැනටත් නම්බර් තිබුනත්, අර දොස්තරගේ, මේ නර්ස්ගේ, අහවල් ලිපිකරුගෙ, මේ ඇටෙන්ඩන්ගෙ, ගේට්ටුවෙ සිකුරුටිගෙ ප්‍රමුඛතාව තියෙන අය මුලින් යවල තමයි සාමාන්‍ය මහජනය ගන්නෙ. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න යන්නෙ අමාරු නිසා. ඒකටත් ප්‍රමුඛතාවක් ගාවන්න එපා (රනවිරුවට විතරක් නෙවෙයි, පවුල්වල අයටත් එක්ක). ලෙඩේ තියෙන බලපෑම, දරාගන්න බැරි කෙනෙක්ද(කුඩා දරුවො, වයසක අය), ආබාධිත අයෙක්ද වගේ ප්‍රමුඛතා බැලුවනම් ඇති.
ඕවා දුන්නාට වැඩක් නෑ. රෝහලට ගිහින් ඕක පෙන්නුවොත් ගුටිත් කාලා තමයි එන්න වෙන්නේ. අපේ රටේ රණවිරුවන්ට අද වෙලා තියෙන ඉරණම හෑම කෙනාටම හොඳට පේනවා. සෙකියුරිටියි, පාතාලය නැතිනම් ඔය තුනෙන් එකක්. ඉහළ නිලධාරීන් නම් බඩියෝ දාලා ගෙවල්, දොරවල් හදාගෙන තීරු බදු රහිතව වාහන අරන් සැපසේ ජීවත් වෙනවා. විශ්‍රම ගියාම අඩුම ගානේ ළමයෙක් පාසලකට දාගන්න විදිහක් නෑ. සියලුම වරප්‍රසාද සේවයේ ඉද්දී විතරයි. සොච්චම් විශ්‍රාම වැටුපෙන් දරුවන්ගේ පාසල් වියදම් පියවන්නවත් මදි. ඡන්දේ ළං වෙනකොට එක එක හීන ලොකේ මවා දෙනවා. ඕවා රැවටිලි විතරයි...
ඕවා දුන්නට වෑඩක් නෑ .රෝහලට ගිහින් ඕක පෙන්නුවොත් ගුටිත් කාල තමයි එන්න වෙන්නෙ. අපෙ රටේ රණවිරුවන්ට අද වෙලා තියෙන ඉරනම හෑම කෙනාටම හොදට පෙනවා. Ukraine Russia, or security jobs, පාතාලය නැති නම් ඔය තුනෙන් එකක්. ඉහල නිලධාරින් නම් බඩියො දාලා ගෙවල් දොරවල් හදාගෙන තිරු බදු රහිතව වාහන අරන් සෑප සේ ජීවත් වෙනවා. විශ්‍රම ගියාම අඩුම ගානෙ ලමයෙක් පාසලකට දාගන්න විදිහක් නෑ. සියලුම වරප්‍රසාධ සෙවයේ ඉද්දි විතරයි. සොච්චම් විශ්‍රාම වැටුපෙන් දරුවන්ගෙ පාසල් වියදම් පියවනවත් මදි. චන්දෙ ලන් වෙනකොට එක එක හීන ලොකෙ මවා දෙනවා. ඔව රෑවටිලි විතරයි.