
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුලමහික වීරරත්න)
ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රටේ ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව ඒ අය තේරුම් ගත යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද සඳහන් කළේය.
යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා මිනිසුන් පීඩාවට පත්වන බවත් දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ .දඬුවම් දුන්නත් සමහරක් එවුන් පාර්ලිමේන්තුවේ නෑ
මිනිසුන් ව තලන පෙළන කාලකන්නි දේශපාලකයන් ට දඬුවම් දෙන්න තව මාස තුනයි (විශේෂයෙන් මිනිසුන්ගේ මුදල් කප්පම් ලෙස කොල්ලකාපු පාහරයන්ට)
ගම්පහ මිනිස්සු මැරුණම විතරද දුක ?උඹ හොරෙන් කද්දී රටේ මිනිස්සු ගැන අනුකම්පා හිතෙන්නේ නැද්ද ?අනේ නිකම් පල .තමන් හොඳ ව්ලෙආ ඉන්න ඕනේ අනික් උන් හදන්න
සොරුන් සහ මංකොල්ලකරුවන් ගැන කුමක් කිව හැකිද? වැරදිකරුවන් මෝඩයන්
බලන්න පින්වතුනි කොච්චර මිනිස්සු ගැන අනුකම්පා කරනවද. පාර්ලිමේන්තුවේ කප්පම් රජා
කාට දඬුවම් දුන්නත් ඔය වගේ අහිංසක කප්පන් පප්පලට නිදහසේ වැඩ ටික කරගෙන යන්න අවස්තාවක් දෙන් නෑ නේද
මිනිස්සු තලාපෙලා කප්පම් ගත්තු අපරාධකාරයෙක්ට පින් ගොනා ඇමැතිකම් දන්නා ඊට පස්සේ කවුරුවත් එහෙම එවුන්ට දඬුවම් කරන්න ගියේ නැහැ...
තමුන්නැහැලා විපක්ෂයේ ඉන්නකොට විතරක් ද උද්ඝෝෂණ පෙළපාලි යන්න පුළුවන්? මහින්ද මාත්තයාගෙන් අහගන්න..
එතකොට බඩෝ උසාවියෙන් අච්චු කරපු කප්පන් කාරයොන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන එක හරි නේද? මොකද උදාහරණය තමුසේ ම නේ.
දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩා ගත්තු තමුන්ගේ පවුලේ උන්ටත් ඔය ටිකම තමා කියන්ඩ තියෙන්නේ ?
වැඩක් නෑ අනේ... දඩුවම් දුන්නට උන් ආයිමත් පාර්ලිමෙන්තුවට ඇවිල්ලා ගේම ගහගෙන ඉන්නවානේ!
අද මේ රටේ. මේතරම් මිනි මරන්නේ. උබලා නිසයි සේරම පාතාලේ ලන් කරගෙන වැඩ ගත්තෙ ජනතාව නෙමේ. කාලකන්නි නඩේ. උබලා නේ පොලිසියට කෝල් කරලා උන්ව නිදහස් කරන්නේ අත්අඩංගුවට ගත්තොත් උබලා කෝල් කරලා ඒ පොලිස් මහත්තුරු ගෙදර අරිනවා. ඒ වගේ ගෙදර ඇරපු සේරටම කෑදවිමක් කරලා. මොන පින්ගුත්තර ඇමතිද. එලියට ඇදලා දැම්මෙ කියලා උබගෙ නමත් එක්ක ත්ව උන් ගෙ නම් ටිකකියයි ලස්සනට. එක පාතාලයෙක් උබලට අත් උස්සන්නෙ නැත්තෙ උබලා හොදට සළකන නිසා. දැන් මේ බොරුවට උන්ව අල්ලනවා රාජසන්තක කරනවා ඔය රඟපෑමක් රනිල් රජ කරන්න. දැන් මිනිසුන්ව අන්දන්න බැහැ.
වර්ජනය කරද්දි උන්ට අපි බැන්නට හිතන්න එපා තොපේ පැත්ත ගනී කියලා, කාලකන්නි දේශපාලන හොරු උඹලා
මේ වගේ කාලකන්නින්ට ආයෙත් චන්දෙ දෙන්න එපා.එච්චරයි