
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක(55)නැමති සැරයන්වරයෙකි.
මෙම සැරයන්වරයා මෙදින රැවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.
අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැටි සිටි බව මේ පිළිබදව පරික්ෂණ පවත්වන උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වැත්තෑව මහතා පැවසිය.
දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd