
(රෝෂන් තුෂාර)
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පැවරීය.
ඇප මත සිටින ඩයනාගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරු අතර චෝදනා කියවාදීම අගෝස්තු 01 දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළු වෙල මහතා දන්වා සිටියේය.
අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තැබිණි.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ක්ලබ් වසන්ත එක්ක ජෝගි නටපු කෙනෙක් තමයි
එතකොට ආගමන විගමන කොමසාරිස් තුමා තොත්ත බබෙක් ද?
මේකත් අන්තීමට පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නඩුව අවසන් වෙන ජාතියේ නඩුවක් වෙයි වගේ ?
පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන කියද්දී දැන දැනම මෙයාට මන්ත්‍රී කරපු විපක්ෂ නායකයාට, විතරක් නෙවෙයි ඇමැති කමක් දීපු පින් ජනාටත් විරුද්ධව පියවර ගත යුතුයි.