
(ගයාන් සූරිය ආරච්චි)
රාජ්‍ය ආයතන කීපයක් සමඟ ශ්‍රී ලංකා පොලිසිය අද(10)දා එකඟතා ගිවිසුමකට අත්සන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන සමඟ මෙම එකඟතා ගිවිසුම් අත්සන් කර තිබේ.
මුදල් විශුද්ධි කරන හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වාලීම සඳහා පොලිසිය මගින් සිදු කරනු ලබන විමර්ශනවලට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම එකඟතා අත්සන් කර ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී.එස්.සී. නෝනිස් යන මහත්වරු අතර එකඟතා ගිවිසුම් කෙරුණු අවස්ථාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මහත්මයෙක් පොලිස්පති වෙලා ඉන්න වෙලාවක නම් මේක කෙරුවට කමක් නැහැ. උසාවියෙන් අපරාධකරුවෙක් ලෙස නම් කර අපරාධ චෝදනා ගොනු කල යුතුයි කියූ තැනැත්තෙක් ඉන්න වෙලාවක මෙම වැදගත් හා සංවේදි තොරතුරු ලබා ගන්නේ කප්පම් ගන්න හා ගේම් ගහන්න විය හැකිය.