
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි .
දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසිනි.
රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණ.
ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවුණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කලිනුත් විවෘර්ත කරා නේද ? රනිල් තුමා ටැටූ ෂොප් එහෙම විවෘත කරන්න යන්නේ නැත්ද ?
ජනාධිපතිවරයා පාරක් හෝ ගුවන් පාලමක් විවෘත කිරීමට පැමිණෙනවා හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා යැයි කියමින් ජාතියක් අමතනු මා දැක ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි
ඕක හැදුවේ ජනතාවගේ මුදල්වලින් .ඒ නිසා නැවත වරක් ජනතා අයිතියට පවරනවා කියලා ජනතාව අන්දවන්න එපා. තමන්ම රැවටුනු බව ඊළග මැතිවරණයෙන් තේරෙයි
රනිල්ගේ හරි බන්දුලගේ පුද්ගලික ධනය යොදවලා මේක හැදුවා නම් ඔවුන්ට ඇවිල්ලා ජනතා අයිතියට පවරන්න තිබුණු නමුත් මේක හැදුවේ ජනතාවගේ බදු මුදලින් නිසා ඔය මොකෙක්වත් අවශ්‍ය නැහැ ඒක නැවත ජනතාවට පවරන්න. ටික කාලයක් නැවතිලා තිබුණ මේ රැවටිලිකාර ව්‍යාජ සංස්කෘතික අංග, නැවත පන පොවන්න මේ පිං ගොනා උත්සාහ කරනවා.
ඔව් මොනරවිල, අවුරුදු හැත්තෑවක් තිබිච්ච මේ දහදුරා දේශපාලන සංස්කෘතිය තමයි මේ ගෙනියන්නෙ. අපේ බදු මුදලින් හදලා, උන්ගේ නම ගහලා ටයි දාපු පොරවල් එක්ක පටිය කපලා විවෘත කරලා නැව් ටෝක් දෙනවා.
මට නම් සින්නක්කර අයිතියටවත් එපා.මේ ඇමතිතුමාගේ ඔලුව අංජබජල් ද ?
පිටිගල බෝට්ටුවෙන් ඉතාලි ගියාට කොළඹ ඇවිදලා නෑ වගේ. මේක කලින් විවෘත කරපු එක නෙවෙයි මැට්ටෝ. මේක වෙන එකක්. උඹලා රට තොට මොකුත් දන්නෙ නැතුව උම්බෑ කියන්න එපා .