
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසූහ.
ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසූහ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව කී ලලිත් එල්ලාවල මහතා පැවසුවේ 'හොරු නොවන අපි' ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකුයි කියන කතාව අපි දැන් සෑහෙන කාලෙකට පෙර අහල තිබුණු නිසා හොඳට ගියා!
දූෂිත වංචාකාරී හොර දේශපාලුවන්ට අහිමි වෙමින් යන බලය රැක ගැනීම සඳහා විකල්ප සොයමින් සිටින බව පෙනීයයි.ඔවුන්ට දෙයියෝ ගිය අත සොයාගැනීමට නොහැකිව තමන්ටම ගැලපෙන දූෂිත වංචාකාරී වංක දේශපාලුවන් ගේ පාරාදීසයට එකතුවීම සිදු කර ඇත.ජනතාව මොවුන් හරි හැටි හදුනා ගතයුතුව ඇත.
සමහරවිට ඔයාලා හොරු නොවෙන්නේ හොරකම් කරන්න අවස්ථාවක් වෙලාවක් හා මාර්ගයක් නොලැබුණු නිසා වෙන්න ඇති. අපිට එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවා, කාලයක් තිස්සෙ ඔහෙලා ආශ්‍රය කෙරුවේ ගණුදෙනු කෙරුවේ හා බලයට ගෙනාවේ දැන දැනම පට්ට හොරු කල්ලියක් නිසා. ඒ නිසා ඔහෙලා සහ ඔවුන් අතර වෙනසක් නැහැ.
සජබෙ ඉන්නේ හොරු නෙමේද ?
පව් බණ්ඩාරගම මිනිස්සු.. ඔවුන්ටද අවස්ථාවක් පැමිණේ..තීරණයක් ගනීවි. මොහු ගෙදර යාවි,,.
ඉතින් අපිට පාන් ද?
ඇත්ත. ඔක්කොම හොරු නෙවෙයි. එහෙම වුණාම ජෙප්පො තුන්කට්ටුවත් හොරු වෙනවා.
''හොරු නොවන අපි" එකේ කැදවුම්කරු කවුද, බැසිල්ද, සජිත්ද, දත් දොස්තරද නැත්නම් වෙන කවුරුහරි ද?
ජේවිපි ඇරෙන්න වෙන එකෙක්වත් නැ. දෙන්න තියෙන්නේ බලන්න
දැන් ඔය පක්ෂ සන්ධාන ගහලා පැති මාරුකරන්නේ ජනතාව වෙනුවෙන් නොව තමතමන්ගේ වාසියටයි. මොන පැත්තේ හිටියත් පරණ කට්ටියමනේ. ඒ නිසා එයාලාගෙන් රටට යහපතක් වේයැයි හිතන්න බැහැ. ඒ නිසා මේවර මැතිවරණයෙන් අළුත්ම කණ්ඩායමකට බලය මාරුවිය යුතුයි.
සජබෙට අවාට සජබෙන් ඡන්දවලට ඉදිරිපත් වුනොත් මේගොල්ලන්ට මනාපේ ගහන්න තරම් සජබ සමාජිකයා මෝඩ නොවන බව තේරුම් ගන්න.. ඡන්දෙන් මාස කීපයකට පස්සේ මහින්ද මහත්තයාගේ හැරමිටිය අල්ලන්න කියලා මේ ගොල්ලන් නැවත අනිත් පැත්තට යනවා. කිසිම ප්‍රතිපත්තියක් නැතුව මුදලට එහෙට මෙහෙට පනින රිලවුන්ට මනාපේ නොගහ ඉන්න සියලුම පක්ෂවල ඡන්ද දායකයෝ සිතට ගන්න...