
( වසන්ත චන්ද්‍රපාල)
යුද සමයේ භාවිතා කිරීම සදහා කොටි සංවිධානය වළ දමා තිබූ භු ගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන තිබේ.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අඩි අටක පමණ ගැඹුරින් මෙම පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ වල දමා තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි.
පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් මෙහි තිබු බව පොලීසිය පවසයි.
එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම බෝම්බ හා උණ්ඩ විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසියට බාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට උතුරු නැගෙනහිර ප්‍රදේශය ම තවම අවදානම් . කෑලි බෙදා ගැනීම නෙවෙයි ඉක්මනින් කල යුත්තේ භුමිය පිරිසිදු කර ගැනීම . ඒකට ජාත්‍යන්තර සහය ඉල්ලීම් වැදගත් .