(නිමල කොඩිතුවක්කු)

දුම්රිය වර්ජනය සිදුකළත් මගීන්ට එහි දුෂ්කරතාවය නොදැනෙන්නට අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ අනුව අද දිනය  තුළ කොළඹ සහ පිට පළාත් තුළ  සියලුම පෞද්ගලික බස් රථ සඳහා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු  සඳහන් කළේය.


දිවයින පුරා පෞද්ගලික බස් රථ 14000 කට වැඩි ප්‍රමාණයක් යොදවන බවත් විජේරත්න මහතා කීවේය. දුම්රිය ගමනාන්ත ආවරණය වන පරිදි හැකි තරම් බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.