( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කහ කිලෝ 1,373 ක ප්‍රමාණයක්  පල්ලිවාසල්පාඩුව වෙරළ තිරයෙදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ  නාවික හමුදාව විසින් අද (10) අත් අඩංගුවට ගෙන පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දීමට  කටයුතු කර තිබුණි.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික වෙතියි නාවික හමුදාව කියයි.

ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් පල්ලිවාසල්පාඩු වෙරළ තිරයට ගොඩ ගසා එතැන් සිට වෙනත් ප්‍රදේශයකට ලොරි රථ වලින් රැගෙන යාමට සුදානම් කරමින් තිබු මෙම කහ තොගය සමග ඒවා රැගෙන ඒමට කටයුතු කළ ධිවරයින් දෙදෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්ව තිබුණි.

වයඹ නාවික විධානයට අයත් තම්බපණ්නී නාවික හමුදා කදවුරට අයත් නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර වැටලීම අතරතුර තවත් යාත්‍රාවක් පලාගොස් ඇති බව කියයි.