
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුපෝපභෝගි වාහන හත්සීයක් පමණ තවමත් සිරවී ඇති බව සමග ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
කාලයක් තිබීම හේතුවෙන් මෙම වාහන පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් එම වාහනවල සංවේදී උපකරණ සියල්ල විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම වාහන බදු අය කර නිදහස් කිරීමට නොහැකි නම් වෙන්දේසි කර දමන්න යැයි ඔහු ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජු සියඹලා පිටිය මහතා පැවසුවේ නඩු කටයුතුවලට අදාළ වාහන මෙසේ රඳවා ඇති බවයි.
සමහර වාහන මෙරට මාර්ගවල පාවිච්චි කිරීමට නොහැකි ඒවා බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට මාර්ගවල පාවිච්චි කරන්න බැරි ඒවා වෙන්දේසියේදී ලොන්ඩරි නිලියෝ ගනීවි. ඕවා වෙන්දේසියට දාන්න.
නඩු භාණ්ඩ කියල මේ වීනාශ කරන්නේ රටේ ජාතික ධනය.... වටිනා විදේශ විනිමය. අපේ යුක්තිය පසිඳලීමේ මන්දගාමී වේගය රටේ පසුගාමීත්වයට හොඳ හේතුවක්.රටේ භාවිතයට බැරිනම් වහාම ප්‍රති අපනයනය කර වියදම්වූ විදේශ විනිමය අයකර ගන්න බැරි ඇයි?