IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩ වෙයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පස්වරුවේ පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව ද සඳහන් කළේය. 

(ඡායාරූප -ශාන්ත රත්නායක)



අදහස් (16)

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩ වෙයි

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 06:04 PM

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර බූරුවෙකුට දුන්නා නම් මීට වැඩිය හොඳට කරයි.

:       12       7

shantha Wednesday, 10 July 2024 06:05 PM

ඔබලාගේ වුර්තිය ඉල්ලීම් සඳහා වන සටනට ජයවේවා. ඔය තර්ජන ගර්ජන දමන ගස්බල්ලන්ට තව ටික දිනකින් මහපාර තමයි.

:       30       31

Prabha Wednesday, 10 July 2024 07:13 PM

ශාන්ත එයාලා අවුරුද්දෙන් වැඩි දවසක් කරේ වැඩද? වැඩ වර්ජනද?

:       4       14

වරුන Wednesday, 10 July 2024 06:13 PM

ඔන්න රජය හමුදාව දාලා පෙන්නන්න දැන් මෙයාලා මට්ටු කරන්න, නැතුව මේක කරන්න බැහැ...

:       34       27

primeshikaWednesday, 10 July 2024 07:38 PM

එක්කෙනෙක් දොස්තරලාගෙන් උපදෙස් අරගෙන කාබනික පොහොරෙන් විතරක් කෘෂිකර්මාන්තය කරන්න ගිහිල්ලා කරගත්තු වින්නැහිය මතක නැතෙයි?

:       4       9

Ramani Wednesday, 10 July 2024 06:34 PM

සටන පාවා නොදී දිගටම වර්ජනය ගෙනියන්න. අපිට අපහසුකම් ඇතිවෙනවා, රස්තියාදු වෙනවා. නමුත් ඔබලා මේ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය, අයිතිවාසිකම් වෙනුවෙන් කරන උතුම් සටනක්... ජයවේවා.

:       20       8

පාඨකයෙක්Wednesday, 10 July 2024 08:09 PM

එතකොට අර කෝච්චියෙන් වැටිලා අද මැරුණු මනුස්සයාගේ දරු පවුල බලාගන්නේ වර්ජකයෝයි, ඒ අයට ආවඩන අයයිද? වර්ජකයෙක්ගේ නෑයෙකුට එහෙම ඒ වගේ දෙයක් වුණා නම් ඔය උදවිය මොකද කියන්නේ?

:       1       14

amare Wednesday, 10 July 2024 06:37 PM

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා රනිල්ගේ ලණුවක් කාලා. අලි ඔලුවෙන් ඉන්නේ. බලමුකෝ කවුද මට්ටු වෙන්නේ කියලා. වර්ජනයට ජයවේවා...!

:       11       3

Bandara Wednesday, 10 July 2024 06:38 PM

මේ අයත් දේශපාලුවන්ට දෙවැනි නෑ...

:       0       10

chinthaka Wednesday, 10 July 2024 06:49 PM

වරුණ, ඔයා හමුදාව දාලා බලන්නකෝ වෙනදේ. මේ අය ඉල්ලන්නේ ඒ අයට රජයෙන් පොරොන්දු වුණු දෙයක්. හමුදාව දමපු ගමන් දුම්රිය රියදුරන් වැඩ නවත්වනවා. මේ අයව "ආප්ප බානවා" වගේ හදන්න බැහැ. මේ අයගේ වෘත්තිය ඔය හැම ලපයි සිපයින්ටම කරන්න බැහැ. මිනිස් ජීවිත දහස් ගණනක් ආරක්ෂා සහිතව ගමනාන්තයට ගෙනියන වගකීම...

:       10       3

Lalla Wednesday, 10 July 2024 07:08 PM

වර්ජනය කරන ගස්බල්ලන් මහපාරට වැටෙන්න ඕනෑ..

:       5       11

chandima Wednesday, 10 July 2024 07:11 PM

හමුදාවේ ඉන්නෙත් මේ වගේම පීඩාවට පත්වුණු ජනතාවගේ දරුවන් බව මතක තියාගන්න..

:       6       3

Bandara Wednesday, 10 July 2024 07:51 PM

අපිට ටුවරිසම් වලින් ආදායමක් එන කාලේ විනාශ නොකර ඡන්දෙන් පස්සේ ඔයාලගේ ජනාධිපති කෙනෙක් පත්වුනාම ප්‍රශ්නේ විසඳාගන්න.

:       0       15

රංබොඩ Wednesday, 10 July 2024 08:00 PM

බඩේ අමාරුව වගේ හැමදාම වර්ජන... වෘත්තිය සමිති අටවාගෙන හැමදාම මේවා තමයි කළේ. ⁣ ජේ. ආර්. දීපු උත්තරේ දුන්නා නම් කට්ටියම ඉගෙන ගනී පාඩමක්...!

:       2       18

Shashika51 Wednesday, 10 July 2024 08:37 PM

මුන්ට පාඩමක් උගන්වන්න රනිල්ට චන්දෙ දෙන්න

:       0       1

පිටරැටියා Wednesday, 10 July 2024 09:01 PM

. රට වැටිලා තියෙන වෙලාවේ අමානුෂික විදියට වැඩ වර්ජන කිරීමෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාව නොවෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 630 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1159 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 629 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 915 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1458 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 654 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site