(නිමල කොඩිතුවක්කු)

ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.


විවිධ ශ්‍රේණි  වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුලුකරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනයට අවතීර්ණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.


මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 4.00 සිටත් අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද මධ්‍යම රාත්‍රියේ සිටත් මෙම සංකේත වර්ජනය අරම්භ කරන බවත් ඔහු සඳහන් කලේය.