IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලැරීට ප්‍රතිවාදියෙක් !

මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැරී නමැති බළල් සුරතලාය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු පහක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී වාසනාවන්ත විය. ස්ටාර්මර්, ලැරීට හමුවන හය වැනි අග්‍රාමාත්‍යවරයාය.

දේශපාලන කැලඹීම වලින් පිරි පසුගිය වසර 14 ක කාලයේ නොසැලී සිටි එකම තැනැත්තා ලෙස ලැරී බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ලැරී උපත ලැබුවේ 2007 වසරේ ජනවාරි 13 වැනිදාය. ලැරීගේ වයස අවුරුදු 17 ක් බව පැවැසෙයි.

ලැරී, කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යවරයකු ඇසුරු කරන පළමු අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගෙන රිෂි සුනාක් නිල නිවසින් යද්දී ඔහුගේ බලු සුරතලා ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවා ද නිල නිවසට සමුදුන්නේය. එය ලැරීගේ සතුටට හේතුවක් වන්න ඇත. ඒ බලලුන් සහ බල්ලන් අතරේ නොහොඳ නෝක්කඩු පවතින නිසාය.

කෙසේ නමුත් ගැටලුවක් ද ඇත.  නව අග්‍රාමාත්‍යවරයා සමඟ නව සුරතලෙක් ද නිල නිවසට පැමිණෙයි. එම සුරතලාගෙන් ලැරීට අභියෝගයක් එල්ල වනු ඇති බවත් ලැරීගේ ප්‍රතිවාදියා වීමට ඉඩ ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

මේ සුරතලා ජෝ ජෝ ය. ජෝ ජෝ ද ලැරී මෙන්ම බළල් තඩියෙකි.

ලැරී සහ ජෝ ජෝ අතරේ හරි හරියට රණ්ඩුසරුවල් ඇතිවීමට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තා බිය පළ කරයි. ඊට හේතුව, ඩවුනිං වීදියේ අංක 10 අසලින් වෙන කිසිම බළලකු ගමන් කරනවාට පවා ලැරී අකමැති වීමය.

මීයන් ඇල්ලීම පැත්තකට දමා ලැරී ජෝ ජෝ සමඟ සටන් කරාවිද? මෙය ද බොහෝ දෙනකුට ගැටලුවකි. ලැරීගෙන් ජෝ ජෝ ට කරදර වුණොත්, රිෂී සුනාක්ට මෙන් ලැරීට ද ඩවුනිං වීදියේ අංක 10 අහිමි වනු නිසැකය.

(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (2)

ලැරීට ප්‍රතිවාදියෙක් !

Pujith Saturday, 06 July 2024 09:23 PM

ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්න නැති නිසා හොඳට ගියා. නැතිනම් මේ වගේ පුවත් වලින් වැඩක් නැතිවෙනවා. දැන්නම් මේවා trending වෙන එක නවත්තන්න බෑ...!

:       3       33

රමණි Sunday, 07 July 2024 11:21 AM

නො. 10 කියන්නේ ලැරීගේ නිවස. පිටින් එන ඒවා බලලා පිටස්තරයෙක් වගේම තාවකාලික වැසියෙක්. අලුතින් එන අගමැති පැරදිලා එළියට යන දවසක එයත් ඒ එක්ක යන්න වෙයි. ඒත් ලැරී යන්නේ නෑ. ඒ නිසා ලැරීට ඉන්න දෙන්නේ නැති අගමැතිවරු පත් නොකරන්න අවශ්‍යයි. මේ විහිළුවක් නෙවෙයි. මනුෂ්‍යයින්ට යහපත් ගතිගුණ ඇතිකිරීමට රටේ උඩම තැන ඉඳලා ආදර්ශයක් තිබිය යුතුයි. එය අපේ රටටත් අදාලයි....!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site