
(අමදෝරු අමරජීව )
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්‍රා පදවන්නන් විසින් බේරාගෙන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා එක්ව ගොඩ ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව ත්‍රිකුණාමල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි .
අනතුරට මුහුණ දුන් පිළිමතලාවේ පදිංචි මෙම තරුණ පිරිස අතරින් එක් අයෙකු හුස්ම ගැනීමට අපහසුතාවයෙන් නිලාවේලි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
දියවැලකට හසුව ගසාගෙන යද්දී කෑගසූ තරුණ පිරිස බේරා ගැනීමට සංචාරක යාත්‍රා පදවන්නන් ගොඩ බිම නවතා තිබු යාත්‍රා දියත්කර මුහුදට රැගෙන ගොස් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය. ගොඩබිමට රැගෙන ආ පිරිසට මූලික ප්‍රථමාධාර ලබාදීම පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි වීරයෝ . ආශිර්වාද වේවා !!