
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්නපුර මහ දිසාපති පදිංචි හොරණ මුණගම දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ 9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .
සොරාගෙන ගිය දේපළ අතර රන් මුදු 6 ක් ,පෙන්ඩන්ඩ් 2 ක් , අත් පළඳනා 1 ක් හා කරාබු ජෝඩු 1 ක් බව පොලිසිය සඳහන් කරයි.
සොරකම සිදුවී ඇති කාලය තුළදී දිසාපතිවරයා ඇතුළු පවුලේ අය දෙමහල් නිවසේ උඩුමහලේ නින්දේ සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දිසාපතිවරයාගේ බිරිඳ වන හොරණ උඩුව කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිනි මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා රත්නපුරේ කෙනෙක් නෙවෙයි වගේ... නැත්නම් මැණික් කාරයෝ ඉඳිද්දී රජයේ සේවකයෙක්ගේ ගෙදරට පනියිද….?
මෙතුමා ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල කාලේ මේ ගෙවල් ගොඩනැගුවේ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඇඹිලිපිටියේ ගස් වෙළඳාම් කරන අයයි, ගල්කොරි කරන අයයි විතරයි.. එම කම්බ හොරුන්ව අපි තරයේ හෙළාදකිනවා...!
මෙයාලා ළඟ තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරවමින් නැති නීති රෙගුලාසි දමලා ගත්තු පගා සල්ලි...!!!
හදපු ගෙදර කුලියට දීලා (එතකොට තවත් ගණනක් අතට ලැබෙනවා) රත්නපුර නව නගරයේ රජයේ සේවකයින් සේවය කරන නිල නිවසේ පදිංචියට ආවා නම් ඕවා වෙන්නේ නැහැ.. දිනපතා නිලරථය සඳහා ඉන්ධන වැයවෙන්නෙත් නැහැ. රියදුරුට අතිකාල දීමනා අවශ්‍ය වෙන්නත් නැහැ. රජයට ඉතාමත් ලාභයක් වෙනවා. බිරිඳට සේවය සඳහා රත්නපුර ප්‍රදේශයේ පාසල් තියෙනවා...
දැන් කොහේද මහ දිසාපතිලා ඉන්නෙ .ලොක්කන්ට කොන්ද නොනැමූ දිසාපතිලා හිටියෙ 1992 දක්වා පමණයි. දැන් ඉන්නෙ දිස්ත්‍රික් ලේකම්ලා පමණයි .ලස්සනම වැඩේ කියන්නෙ දේශපාලන පක්ෂවලත් දිස්ත්‍රික් ලේකම්ලා ඉන්නවා