
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා නියෝග කළේය.
සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කළේය.
බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය.
ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍ය වරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි.
එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියාය.
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පිං කල අය පමණක් උපදිනවා කියන පිං බිමක ඉපදුන ආච්චී කෙනෙක්ගේ දුක්බර ශෝඛාන්තය….
දකුණ කිව්වොත් ගැම්මක් තමයි... කෙසේවෙතත් කොහොමද අවුරැැදු17 කොල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ ...ඔහුට තවමත් 18 ක් නැ නේ
lankaputha මහත්තයෝ ඔයාගේ අම්මාව, බිරිඳව, දුවට ඔහොම දෙයක් කරාම ,එයාට අවුරුදු 17ක් නේ කමක් නෑ කියලා ඉන්නවා ද?
කොල්ලව හොයලා අල්ලාගෙන මුලින්ම කපාලා දාන්න ඕනේ.ඕකට ඔය වගේ වැඩේ වැඩ කරන්න බැරි වෙන්න