
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ට්‍රයිටැන් වාලම්පුරියක් රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමට රැගෙන ආ තරුණයකු ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් හා පොලිස විශේෂ කාර්ය බලකා නිළධාරීන් වනජීවි නිළධාරීන් එක්ව මාරවිල නගරයෙදී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකි. සැකකරු පවසා ඇත්තේ තම සොහොයුරා විදේශ නැවක සේවය කරන බවත් එහිදි ලැබුණු මෙය නිවසට රැගෙන විත් තිබියදී අලෙවි කිරීමට කටයුතු කළ බවයි.
මීරිගම ගුවන් හමුදා කදවුරේ බුද්ධි නිළධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔවුන්ගේ උපාය දූතයකු යොදා ගනිමින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් හා කරුවලගස්වැව වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
මෙම ට්‍රයිටැන් වාලම්පුරියද දිගින් අගල් 16 කට ආසන්න බවත් එය වටය අගල් 20 කට වැඩි බවද කියයි. රුපියල් කෝටියකට අධික මුදලකට ඇතැම් අවස්ථාවලදි මෙමෙ ට්‍රයිටැන් වාලම්පුරි අලෙවි වි ඇති අතර එය ධනවතුන් තම විනෝදයට එකතු කිරීමට පුරුදුව සිටින බවද කියයි.
ඉතා දුර්ලභ මෙන්ම ලෝකයෙ විශාලතම යෝධ වාලම්පුරි ලෙස මේ වර්ගයේ වාලම්පුරි සැලකෙන බවද කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාලම්පූරි විකිණීම වැරදි ඇයි. මේව හම්බ වුනාම විසිකරල දාන්න කීයලද කියන්නේ. නැතිනම් රජයේ ලොක්කන්ට විකුණාගෙන කන්න භාර දෙන්නද? නොගැලපෙන නීති නේද? රොඩ්නි ජොන්ක්ලාස් ලියපු පොතක් පොතක් තියනව වාලම්පූරි නමින්. බ්‍රිතාන්‍ය යුගයේ හලාවත සහ මන්නාරම අතර වසරකට වරක් බෙල්ලන් එකතුකර වෙන්දේසියට දමපු කතාවක්. ඒ කියන විදියට වෙන්දේසියට දැම්ම නම් ඕන කෙනෙකුට විකුණන්න හැකි වෙන්න ඕන නේද?
ලල්ල මහතාගේ අදහස මමත් අනුමත කරමි , හැක්බෙල්ලෝ තල්මසාගේ වමනය වන අම්බර සොයාගන්න පුද්ගලයන්ට නීත්‍යානුකුලව විකුණා ගන්න පුළුවන් ආකාරයට නීති වෙනස් කරන්න , රජයට වැට් බද්දක් අයකරගන්න