
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන වැරදිකරුවන් වෙනුවෙන් මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥවරුන් පෙනී සිටීම පුදුමයට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ත්‍රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව කී ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බව කීය.
අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන්නේ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “නීති ගරුක රටක්' යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ 'යුක්තිය' මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයකින් වැරැදිකරුවකු බව තීන්දු කිරීමට ප්‍රථම ඕනෑම පුද්ගලයෙක් නිර්දෝශී බව ජනාධිපති දන්නේ නැද්ද?
මත්ද්‍රව්‍ය නඩුවල සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටීම නීති විරෝධී ක්‍රියාවක් නම් එම නීතීඥවරුන්ට විරුද්ධව නඩු පවරා දෙන්න..
සිරිලිය ගිණුමේ හොරකම් පරීක්ෂණ වලදී ශිරන්තිගේ පැත්ත ගත්තා... පාස්පෝට් පරීක්ෂණයේදී ඩයනාගේ පැත්ත ගත්තු කෙනෙක් සාධාරණය ගැන කියවනවා. මෙයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ රැළක් කියලා..
ඕවා අපිට කියලා වැඩක්නෑ... වටේට ඉන්න කුඩ්ඩන්ට පාතාලයින්ට කිව්වා නම් හරි...!
මත්ද්‍රව්‍ය, පාතාලය, ස්ත්‍රී දූෂණ වගේ දේවල් කියන්නේ නීතිය දන්නා අයට ධන උල්පත්. එයාලා කෝටිපතියන් බවට පත්වන්නේ මේවාගෙන් තමයි. කර්මානුරූපව ඔවුන් අවශ්‍ය තැනට යාවි. සුදුසු දේ ලැබේවි. රැකියාව කරපුදෙන්...
එහෙනම් මහ බැංකු හොරු වෙනුවෙන් පෙනී සිටින්නත් බෑනේ...!
අධිකරණයෙන් වරදකරුවන් වූ දූෂිත පවුල් පාලනේ ආර්ථික ඝාතකයින් රකින එක හොඳද?
ඔයා නීතිඥයෙක් නේද? සෑම කෙනෙකුටම තමාගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට මානුෂික අයිතියක් තිබෙනවා...
පහුගිය දවස්වල කසුකුසුවක් ගියානේද? නීතීඥ ඇමැතියෙකුයි, එයාගේ පුතයි, ලොකු කුඩ්ඩෙක් බේරගන්න වලිකනවා කියලා... ඉස්සෙල්ලාම මෑන්ස්ව එළවන්නකෝ. ළඟින් ඉඳගෙන කණ කනඑක...
මාමන්දිට කියලා ගුණවත් ,සිල්වත්,උපාසක මහත්තයෙක් වෙච්ච ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව අරන් දුන්නේ එකනේ
ඊලඟට අපරාධ නඩුවලටත් පෙනී ඉන්න එපා කියාවි. නීතිඥ වෘත්තිය සිවිල් නඩුවලට විතරක් සීමා කරන්න කියාවි කෙහෙලිය වෙනුවෙන් පෙනී හිටියට කමක් නෑ කියාවි. දයා ගමගෙට ඉදිරියට නඩු වැටුනොත් ඒකට පෙනී හිටියටත් කමක් නෑ කියාවි. මහ බැංකු වංචාව වෙනුවෙන් පෙනී හිටියටත් කමක් නෑ කියාවි තව මොනවා නොකියාවිද?
අනුන් ගැන නොකියා වින්දිතයින්ට සෙතක් වෙන්නත් රටේ දූෂණ වංචා හා අක්‍රමිකතා නොවෙන ආකාරයට කටයුතු සිදුවෙන ලෙසට නීති සැකසීම කරන්න එහෙම නොකර ඕවා කියලා වැඩක් නැහැ
බංකොලොත් දේසපාලුවෝ උන නුඹලා සහ අති දූෂිත සිරි ලංකා පොලෝසිය ඔය "මත්ද්‍රව්‍ය" කියන චෝදනාව භාවිතා කරන්නේ දේශපාලන පලිගැනීම් සහ පොලොස් මාමිලාගේ හිතවතුන්ගේ තරහකාරයෝ මට්ටු කරන්න. නීතිඥවරු එක හොඳටම දන්නා නිසා තමයි නිර්දෝෂී අසරණයෝ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒකට ඔයාට ඩොන් ගියාට අපිට පාන් ද?
වැඩිපුර මුදල් ලැබෙන්නේ කුඩු මුදලාලිලාගෙන්. ජාවරම් කාරයන්ගෙන්. පාතාලේන් කුට්ටිය හොදයි ඒ නිසා පෙනී සිටිනවා සදාචාරය අමතක කරලා. ඔවුන්ගේ වත්කම් හොයන්නේ නැත්තේ ඇයි????
සල්ලි ලැබෙනවා නම් විරුද්ධ පැත්තේ සිටින තම මවත් ගණිකාවක් කියන්න ඉදිරිපත් වෙන මිනිස්සුන්ට කුඩු කාරයෝ වෙනුවෙන් පෙනීසිටීම මොකක්ද? මේ ගොල්ලන්ට වැඩි ආදායමක් ලැබෙන්න කූඩු හා පාතාලේ එවුන්ගෙන්.