(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කිරලගොල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින  හෝටලයකින් මෙරට නිෂ්පාදිත කුඩා වර්ගයේ ගිනි අවියක් , ජීව පතුරම කිලෝ හයක් , කංසා  තොගයක් සහ  කළුගල් උණු කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව දඹුල්ල  පොලිසිය කියයි.

මෙම අත්අඩංගුවටගත් භාණ්ඩවල හිමිකරුවන හෝටල් ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති පුද්ගලයා පලා  ගොස් තිබෙන බවත්  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්ඩායමක් යෙද වූ බව පොලිසිය කියයි.

මෙම ස්ථානයේ නිධානයක් ලබා ගැනීම සඳහා  සැලසුම් සහගතව ක්‍රියාවලියක් සිදුවන ට ලැබුණු තොරතුරු අනුව  සිදුකරන ලද පරීක්ෂණවලදී කළු  ගල් දියකරන රසායනික ද්‍රව්‍ය තොගය  සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා සඳහන් කළේය.

අත් අඩංගුවට පත් සැකකරු තණමල් විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු මෙම ව්‍යාපාරිකයාගේ  වත්තක සේවය සඳහා පැමිණ වගා කරන මුවාවෙන් එහි කංසා  වගාවක්ද සිදුකර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.