
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නෙවෙයි පිටරට ඉඳන් මෙහෙයවන පාතාලයක් ඇති කරනවා. එතකොට නඩුත් නෑ බඩුත් නෑ
කරන්න පුළුවන්නම් ඒක වසර 30ක යුද්ධය ජය ගත්තාට වැඩිය වටිනා දෙයක්. ඒත් යුක්තිය මෙහෙයුමෙන් අල්ල ගන්නෙ පොඩි පොඩි හාල්මැස්සෝ, සාලයෝ වගේ එවුන් නේද? කෙලවල්ලො මෝරු කෙසේ වෙතත් අඩුම තරමින් බලයෙක්, පරවෙක් වත් අල්ලගත්තෙ නෑනෙ තවම. ඒ නිසා බොහොම පැහැදිලියි මේ කතාව ඡන්දය බලාගෙන කියපු තවත් එක් සුරංගනා කතාවක් කියලා.
කරනවා නම් විශාල ජාතික මෙහෙවරක්. තිස් අවුරුදු යුද්ධය නිමා කළා සේම රටටම සෙතක් ගෙනදෙයි. එය කිරීමට මෙතුමාට හැකියාව ලැබේවායි පතමු...!
පොලිස්පති පත් වුණු ගමන් නම් කිව්වේ ජූනි වෙද්දී ඉවර කරනවා කියලා. දැන් ජූලි. දෙසැම්බර් වෙනකම් ඉන්න හිතාගෙන හිටියාට ඇමැතිකමේ නම් ඉන්න වෙන එකක් නෑ. බොහෝ වෙලාවට වැලිකඩ වගේ ඉඳියි. මෙයා ඇවිල්ලා ත්රස්තවාදීන්ට සල්ලි දීපු කෙනෙක්. මොවුන් ගැන තව මොන කතාද?
බාලගිරි.. අද නොවෙයි හෙට...
කිසිම රටක් මත්ද්‍රව්‍ය නැති කරලා නෑ මෙතෙක් කල්... රටකට කළ හැකි දේ වන්නේ මත්ද්‍රව්‍ය තදින් පාලනය කිරීමයි. තරුණ පරම්පරාව විද්‍යාත්මක ක්‍රමයකට අනුව දැනුවත් කරමින්, අදාල ආයතන සියල්ල එකට වැඩ කරමින් කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීනව සැලසුමක් ඇතුව මෙම ව්‍යවසනයට මුහුණ දීම වැදගත්. මේ වැඩ පිළිවෙලේ එක කොටසක් මහා පරිමාණ ජාවරමුන් අල්ලා ගැනීම විය යුතු අතර තව කොටසක් මතට ඇබ්බැහි වූ දරුවන් බේරා නැවත සමාජයට මුදා හැරීම විය යුතුයි. තව විවිධ පැති මේ වැඩපිලිවෙලේ අඩංගු විය යුතුයි. දූෂිත නිලධාරීන්, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ දූෂිත දේශපාලුවන් අල්ලා ගැනීම වැනි දේවල්...
එහෙම කියන්න එපා... ඔය කුඩු ගෙන්වන ඔයාගේ යාලුවෝ ලොකු ලොකු දේශපාලකයෝ තරහා වේවි කියන්න එපා... ඔය කුඩු ගෙන්වන ලොකු ලොකු දේශපාලුවෝ තරහාවේවි...!
දියවන්නාවෙත් ඉන්නවා කුඩු, එතනෝල් වලට නම් දරාපු අය. තෝරු, මෝරු පැත්තක...
මගේ අම්මෝ ඔය කට වගේම වැඩගත් කියනවා නම් හොඳයි...
ඒ කියන්නේ මාළිමාවේ පොලිස් ඇමැතිත් ඔහේ කියලාද…?
එහෙම කිව්වාට ඒක කරන්න ජනතාව රනිල්ට බලය දෙන්න ඕනෑ... එහෙම නොවුණොත් ඔය කියන දේ වෙන්නේ නැහැ... කුඩු ජාවාරමුන් ජනාධිපතිවරණය වෙලාවේ වෙන කෙනෙක් දිනවීමට කටයුතු කලොත් මොකද වෙන්නේ?
ලබන වසරේ දෙසැම්බර් වෙනකොටද? ඒ කොහොමද? මේ අවුරුද්දේ ඡන්දෙන් දින්නොත් ඔයාලා...
අනේ යන්න. දෙසැම්බර් වෙන කොට ඔයා ඉවරයි. ඔයා ඉන්නේත් වැලිකඩ... ඒක නිසා ඔවුන්ව තරහා කරගන්න එපා..
දෙසැම්බර් වෙනකං ඉන්නෙ නැති නිසා බය නැතුව ඒක කියන්න පුළුවන්
කවුරු ජනාධිපති උනත් දෙසැම්බරේ පාතාලය ඉවර කරනවා කිව්වානම් හරියටම හරි
ඉන්පස්සේ ගානක් අරන් අලුතින් බෙදාහැරීමේ බලපත්‍ර දෙනවද ?
ඒ කියන්නෙ ඒවට වෙනත් නම් දානව කියන එකද? දන්නැති නිසයි හාන්නෙ!
එදාට මං ජොකත් නැතුව සරමක් ඇදගෙන ගෝල්ෆේස් එකේ ඔලුවෙන් හිටගන්නවා!
එතකොට කොරෝන ට්‍රිප් යද්දි මෙයා ජංගි ඇදපු “ජංගිමාලි?”
කටින් බතල හිටවීම කලාවක් නම්, ටිරාන් හුලස් යනු එහි පිකාසෝ වේ
ඔව් ඔව් කව්රු මොනවා කිව්වත් වැඩේ ලෙහෙසි නැති බව අපි දන්නවා. විෂබීජ වගේ ඉබේම වැඩිවෙනවා. කූඩු විකුණන එවුන් පරලොව සැපත් කරනවානම් වැඩි වීම මර්දනය කරන්න පුළුවන් වේවි.