
( පද්මසිරි ගාර්දියවසම්)
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .
පෙරහර අරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9 ට මෙය සිදු ඇති අතර පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියොත් අර දුක් විදින අලියාගේ පැත්ත අරන් වගේ. උඹට කරදර කරන එවුන්ට ඇදලා ඇරපං කියලා අහක බලාගන්න ඇති.
ඕක බලන්න යන්න එපා කියල දෙන සංඥාව. මිත්‍යාව පසුපස යාම නවතමු.... සංස්කෘතික සංදර්ශනයක් ලෙස පවත්වාගෙන යාම පමණක්ම ගැන හිතන්න.
පෙරහැර ආතල් , හොදයි හවසට නාලා කියලා පොඩ්ඩක් සප්පායම් වෙලා බලන්න යන්න. ගොඩක් අය එන්නෙත් මේ ආකාරයෙන්ම තමයි. ඒත් මේ සතෙක්ට වද දීගෙන ආතල් ගන්න එක නම් අමානුෂිකයි. අපිට බැරිද ඒ අයි තාක්ෂණය උපයෝගී කරගෙන මීට වඩා හොද අලියෙක්ව නිර්මානය කරගෙන මේ කෙරුවාව ලෝකෙට පෙන්නන්න….. උගත් තරුන සාදු කෙනෙක් ඉදිරිපත් වෙන්නකො.
කැලෙ ඉන්න සත්තුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නැතුව සංස්කෘතිය ගගා දන්වැල් දාලා... ලයිට් එල්ලලා ගොන් ආතල් දෙන අයට හොඳ වැඩේ...
අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියට අපහාස කරන්නෙපා...
රටේ සංස්කෘතික අංග පවත්වාගෙන යෑම ඉතා වැදගත්. සියල්ල විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියාම අපට ඉතිරි වන්නේ සමීකරණ විතරයි. සංස්කෘතිය, කලාව, ඉතිහාසය සමඟයි ඉදිරියට යා යුත්තේ... නැත්නම් අක්මුල් නැති ජාතියක් වෙනවා. මෙවැනි සිදුවීම් සාමාන්‍යයෙන් සිදුවෙනවා. ඕනෑම රටක එහෙමයි. අණතුරු උපරිමයෙන් වළක්වා ගෙනයි සියල්ල කරගෙන යා යුත්තේ...
රංබොඩයෝ…. එසේ නම් අලියටද කාරුණිකව සැලකිය යුතුයි. මද කිපුන අලියගේ අංගජාතය පාරේ අතුල්ලා අතුල්ලා වද දිදී ගෙන යන්න පෙර ඇතින්නක් ගෙනත් දී උගෙ ගින්න ඉස්සෙල්ලා නිවිය යුතුයි. අකාරුණික අලි අයිතිකාරයෝ නොකරනම දේද මේකයි.
දෙවි දොස්
එක්තරා මිනිසෙක් විෂ්ණු බැතිමතෙක් විය. විෂ්ණුගේ මූර්තියක් තම නිවසට නිවසට ගෙනැවිත් උස ස්ථානයක තබා අදහන්නට විය. මෙහෙම කාලයක් යනවිට පූජාවට තැබූ කෑ හැකි දෑ කෑමට මීයෙක් පැමිණෙන්නට විය. එක් දවසක් මීයා විසින් විෂ්ණුගේ මූර්තිය පෙරලන ලදින් බිම වැටී විෂ්ණුගේ මූර්තියේ සිරස කොටස බිඳිණි. ගෙහිමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්” යැයි සිතා එදවස පටන් මීයා අදහන්නට විය. පොල් කෑලි පුළුස්සා මීයාට පුද පිණිස තබයි. මේ විපර්යාසය ගැන ගෙදර සිටින බළලාට ඉහිළුම් නැත. අඩුම තරමේ පුච්චපු පොල් කෑල්ලක්වත් බළලාට නොදේ. කල්යල් බලා, බළලා විසින් මීයා දඩයම් කොට මරා ගෙන කන ලදී. ගෙහිමියා සිතනුයේ ” භගවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයාට වඩා බළලා බලවත්” යැ යි සිතා එදා පටන් කුම්බලා ඔළු පුච්චා පූසාට දෙයි. මෙහෙම කාලයක් ගත වෙන විට ගෙදර සිටින බල්ලාට මෙය රුස්සන්නේ නැත. කුම්බලා ඔළු, කරවල මාළු වෙනදා මෙන් බල්ලාට ලැබෙන්නේ නැත. සියලු දේ බළලාටයි. මෙය නො රිස්සු බල්ලා එක් දිනක බළලාගේ බෙල්ලෙන් අල්ලා පොළොවේ ගසා දිවි තොර කෙළේය.
දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.
කායික, වාචසික, මානසික, ක්‍රියා දාන ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන හයෙහි නො වැටේ නම් ඒ සියල්ල පින් කුසල් නොව පව්=අකුසල් ය. දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.
එක්තරා විදියක සත්ව හින්සනයක්... අලියා කලබල වෙන එක අහන්න දෙයක් නැහැ?
බෙල්ලන්විල ඇතා තමයි හොඳටම කළේ…?
බුද්ධ කාලයේ කොසොල් රජු සිවුරග සේනාව අරගෙන (ඇත්,අස්,රිය පාබල හමුදා ) අරගෙන යුද්ධය සදහා ගියා ලංකාවෙ දුටුගැමුණු රජුත් එහෙම කලා පෙරහැර කිරීමට විරුද්ධව අදහස් ඉදිරිපත් කල මිලානෝලා Lalla රංජන් වගේ අය හිටියා නම් මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ අපි දන්න හැටියට අවුරුදු තුන්දහසකට ආසන්න කාලයේ සිට ඔය සතුන් යොදාගෙන පෙරහැර පමණක් නොවෙයි සංවර්ධන කටයුතුත් කර තියෙනවා ඉන් එකක් අතීතයේ මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය සකසන්න අලි ඇතුන් යොදාගෙන තියෙනවා ඒ රජවරු සත්ව හිංසාව කියලා ඒවා නොකලානම් මොකද වෙන්නෙ ඉතින් ඔය පෙරහැර වලසතුන් පමණද යන්නෙ එහෙනම් මෙයින් මිනිසුන්ටත් හිංසා වෙනවා කියලා තේරුම් ගන්න බැරිද ඔය කට්ටියම සත්ව හිංසා කියලා හරක් එලුවො ඌරො කුකුල්ලු මරා විකුණන වෙලාවෙ ගෙනවිත් රසකර කර කන්නෙ නැද්ද මුහුදට ගොස් මසුන් මැමැරීම සත්ව හිංසාවක් නොවෙයිද එයට අමතරව පොලිසිය සුනඛ හමුදාවක් යොදාගෙන කටයුතු කරනවා එතකොට සුනඛයන් සතුන් නොවෙයිද එයින් සත්ව හිංසා වෙන්නෙ නැද්ද
පෙරහැරවල ගමන් කරන අලින්ට පුදුම වදයක් නේ දෙන්නේ? උන්ගෙත් ඉවසීමේ සීමාව පැනලා ?
අද කාලෙට අලිත් එක්ක මොන පෙරහැරවල්ද? පෙරහැර නවත්වමු.
අලියා මිහිපිට පහල වුනේ මිනිසා පහල වෙන්න වසර මිලියන ගානකට කලින්, මිනිස්සු ලංකාවට සංක්‍රමණය වෙන්නත් වසර මිලියන ගානකට පෙර ඒ හින්දා අලියාට ඇති අයිතිවාසිකම වැඩියි මිනිස්සුන්ට වඩා. මේක හරියට ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා අපිව වහල්කමට ගත්තා වගේ.
මහ අලියාගේ ඉඳන් ඔක්කොම අලි මේ දවස් වල දෙලෝ රත්වෙලා කුලප්පු වෙලා තමයි ඉන්නේ.අඩු තරමේ ගෙදර ගිහින් ජීවත්වෙන්න ගස් ගෙඩි කඩන රස්සාවක්වත් දන්නේ නැති නිසා