
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත කෙරුණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට අද ගියහ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ඒ මහත්මිය ට අධිකරණයෙන් දුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති බවයි.
රටේ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලය ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම යාළුවො මල්ලි රන්ජන් කිව්වේ කට කහනවාට නෙමෙයි
මෙතුමාත් ඉන්නේ ඔහොම තීන්දුවක් අභියස, මොන පැත්තට ඇඹරෙයිද දන්නේ නැහැ. මඩ ගැසිල්ල නෙවෙයි මෙයා කළ දේටයි විවේචනය...
මමත් එනවා නංගී ඔයාගේ තනියට, එතකම් ඉවසන් ඉන්න!
පාඨලී කරන්නෙත් ඒකම තමයි...
තමන් එක්ක එකට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හිරේ විලංගුවේ වැටුනම බලන්න යාම හොඳ ගුණයක්. එකෙන් කියවෙන්නේ නැහැනේ කල වරද මොහු අනුමත කළා කියල . ප්‍රශ්නේ තියෙන්නේ මොහුටත් ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති විමත උද්ධච්ච කම ඉහල මට්ටමක තිබීමත් නිසා එක තැන පල්වෙන තත්වෙක සිටීමයි . එඔය ජප්පෝ කියන විදියට එක රැයින් අපේ රටේ ඉන්න අපත දේශපාලකයින් ඉවත්කරන්න බැහැ . එක කරන්න ඉවසීමෙන් කටයුතු කල යුතුයි . පාඨලී රටේ නායකයා වීමට සුදුසු කෙනෙක් . ඔහු ඉවසීමෙන් කටයුතු කළා නම් මේ වෙලාවේ කළයුතුව තිබුනේ රනිල්ට සහය දී ඊළඟ අගමැති වීමයි .
හිරුණිකා මානයෙන් උදව් වෙච්ච, පරණිත නොවූ මෝඩ ගැහැණියක්. පාඨලී ඉතා සටකපට දේශපාලන හිවලෙක්.
එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ වහනවලුනෙ!
පාටලී නොහිටපු පක්ශෙකුත් නැහැ ඇමතිකමුත් කලා, ඒත් කරපු දෙයකුත් නැහැ
පාඨලීට අපි රැවටුන කාලේ ඉවරයි මහත්තයෝ
පාඨලී කියන්නෙ ගරු සෝම ස්වාමීන් වහන්සේ ගේ අපවත් කිරීමත් සමඟ බොදු ඡන්ද වලින් පළමුව පාර්ලිමේන්තු ආපු කෙනෙක්. දැන් බල තන්හාවෙන් උමතු වෙලා රටේ අගමැති කම හෝ ලබා ගැනීමේ කූඨ වෑයමක් යෙදෙන වෛරී සිතුවිලි වලින් දුක්විඳින අසරණ මිනිස් පරාණයක්. තම වාසිය උදෙසා මිසක මිනසත් කම උදෙසා යමක් කරාවියැයි බලාපොරොත්තු විය නොහැක.
පාඨලී කියන්නේ උගත්, විශිෂ්ඨ බුද්ධියක් සහිත රටට වැඩක් කරන්න පුළුවන්, චතුර කථිකත්වයක් සහිත දක්ෂ දේශපාලකයෙක්, නමුත් බලලෝභය නිසා පක්ෂ මාරු කිරීමත්, ඉවසීමක් නැතිකමත්, අනියම් ස්ත්‍රී ඇසුරට ලොල්වීමත් නිසා අද අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් නැතිවී දේශපාලන අනාථයකු බවට පත්වුණු පුද්ගලයෙක්, කණගාටුයි, මම ඉස්සර ගොඩක් ගරුකරපු, රටට වැඩක් කරන්න පුළුවන් චරිතයක් නිකන් විනාශවෙලා ගියා...
අල්පොන්සෝත් මැය බලන්න ආවාද?