
( සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.
2024 යල් කන්නයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාර මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, කිසියම් ගොවීන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පොහොර සහනාධාර මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇති හෙයින් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම දැනට ආරම්භ කර ඇති බවද සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරයා සඳහන් කලේය.
කිසියම් ගොවි මහතෙකුට 2024 යල් කන්නයේ පොහොර සහනාධාර මුදල් නොලැබි ඇත්නම් ඉතාම කඩිනමින් ප්‍රා දේශිය ගොවිජන සේවා මධ්‍යස්තානයෙන් හෝ දිස්ත්‍රික් කාර් යාලයෙන් ඒ පිලිබඳ විමසිමක් කරන ලෙසටද ගොවින්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර වලට සහනාධාරයක් දීලා ඕනෑ කෙනෙකුට ගන්න ඉඩ දෙන්න. සාධාරණ මුදලක් අය කරන්න. පොහොර අවභාවිතා කරන්න බැරි දෙයක්. සැමට ප්‍රයෝජනයක් ලැබෙනවා. මුදල් ලබාදීම දූෂණයට මූලික හේතුවක්...!
අසරණයින්ට ලැබුණු කෝටි ගාණක සුනාමි අධාරයටත් කෙලපු නරුමයින් ඉන්න රටේ පොහොර සහනාධාරේ මොකක්ද…?
මතුගම පැලවත්ත පැත්තේ කාටවත් මුදල් ලරබිලා නැ